සයිටම් ආයතනය ම්බන්ධයෙන් රජය ලබාදුන් නවතම විසඳුම් යෝජනාවලියද පිළිගත නොහැකි බව වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එම සම්මේලනය අවධාරණය කරන්නේ වෛද්‍ය ආධ්‍යාපනය ලබාදීමේ නිරත වී නොසිටින්නා වූ ලාභ අරමුණ කර නොගත් උසස් අධ්‍යාපන සේවාදායකයන්ට මෙම ආයතනය භාර ගැනීමට ආරාධනා කිරීම ඉතා විනාශකාරි සහ භායනක ප්‍රතිඵල ගෙන ඒමට හැකියාවක් ඇති බවයි.
රජයේ යෝජනා අනුව අවශ්‍ය කරන ප්රමිතීන් සපුරන ලාභ අරමුණු කරනොගත් ආයතනයක් ස්ථාපිත කිරීම හා සයිටම් ආයතනයේ වත්කම්, වගකීම්, කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන් එම ආයතනයට පැවරීම ප්‍රායෝගික හා නීතිමය ලෙස යෝග්‍ය නොවන බවද එම සම්මේලනය ප්‍රකාශ කරයි. එසේම සකස් කෙරෙන නව ව්‍යුහය සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි විය යුතු යැයිද නීතිමය වශයෙන් පමණක් පිළිගතහැකි වීම ප්‍රමාණවත් නොවන්නේ යැයිද පවසයි.
රජයේ විසඳුම් යෝජනාවලිය මූලික වශයෙන් දෝෂ සහගත බවද හොඳම විසඳුම වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ලෙස මේ වන විට වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් මගින් ඉදිරිපත් කර ඇති බවද එම සමිති සම්මේලනය අවධාරනය කරනවා. එම නිසා එම සාධාරණ විසඳුම් මාලාව හැකි ඉක්මනින් ක්‍රියාවට නැංවීමට කළ යුතු බව එම සම්මේලනය තවදුරටත් සඳහන් කරයි.
එසේම මෙම ගැටලුවට විසඳුම් වශයෙන් පිහිටුවිය හැකි එකම අර්ථවත් ඒකකය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව යටතේ ක්‍රියාත්මක වන අතුරු ස්වාධීන අධිකාරි මණ්ඩලයක් පමණක් බවත් සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ලබාදුන් විසඳුම් යෝජනාවලිය සම්බන්ධයෙන් තම සංගමයේ ස්ථාවරය පැහැදිළි කිරීම සඳහා නොවැම්බර් මස 6 වැනිදාට පෙර සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව හෙට (2) දිනයේදී දිවයිනේ සියලුම ශාඛාවල විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් එහිදී ගනු ලබන තීරණය 6 වැනිදා පැවැත්වෙන විධායක සභාව තුළ සාකච්ඡා කර විසඳුමකට පැමිණෙන බවත් සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසයි.
එසේම සයිටම් ආයතනය ආරම්භ කරන ලද්දේ රටේ පවතින නීතියට පටහැනිව බවත් එවැනි ආයතනයයක් නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවන බවත් ඔහු පෙන්වා දෙනවා. එවැනි ආයතනයකින් බිහිවන වෛද්‍යවරුන්ද නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවන බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා අවධාරණය කරයි.
සයිටම් ආයතනයට ජනාධිපතිවරයා දුන් විසඳුම අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහි වූවන්ට නොව ණය වී සිටි නෙවිල් ප්‍රනාන්දුට දුන් විසඳුමක් බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. ජයගොඩ මහතා එසේ පැවසුවේ සයිටම් ආයතනය පිළිබඳ ආණ්ඩුව දුන් විසඳුම් සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට 30 වනදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා කියා සිටියේ මුදලට අධ්‍යාපනය ලබාදෙනවා වෙනුවට නිදහස් අධ්‍යාපනය ප්‍රතිපත්තියක් අපේ රටේ තිබූ බවද වත්මන් රජය වර්තමානයේ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරගෙන ඇති බවයි.
මේ අතර සයිටම් ආයතනයේ සභාපති නෙවිල් ප්‍රනාන්දු මහතා පවසන්නේ සයිටම් ගැටලුව සම්බන්ධයෙන් රජය විසින් ලබාදුන් විසඳුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළිගැනීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා. රජයේ වෛද්‍ය පීඨ සිසුන් නැවත අධ්‍යාපන කටයුතු හා සායනික පුහුණුව වෙත යොමු කරවන ලෙසටද අදාළ නිවේදනයෙන් ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කරනවා. එසේම ශ්‍රී ලංකාව තුළ අධයාපනය ලැබීමට ඇති නිදහස ස්ථාපනය කිරීමට හැකි වීම ගැන තමා නිහතමානිව සතුටු වන බවද එම නිවේදනය මගින් ඔහු පවසනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...