දේශීය පුවත්

කහටගස්දිගිලිය සහ ගලෙන්බිදුණු වැව ප‍්‍රදේශවල නියඟයට මුහුණදී සිටින පවුල් අතරේ අඹු සැමි යුවළක් වේල් ගණනක් බත් නැතිව මුරුංගා කොළ තම්බාගෙන කන බවට පළ වු මාධ්‍ය වාර්තාව පිළිබඳව සොය බැලීමට වහාම නිලධාරියෙක් යොමු කළ බව ජනපති මෛත්‍රීපාලසිරිසේන මහතා පවසයි.

එවැනි තත්ත්වයක් සිදුව ඇත්නම් ඊට දිස්ති‍්‍රක්කයේ මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරින් ද වගකිවයුතු බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා සියලු මැති ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරින්ට අවධාරණය කළේ පීඩාවට පත් ජනතාව අතරට ගොස් ඔවුන්ගේ අඩු පාඩු සොයා බැලීමට කටයුතු කිරීම එම සියලුදෙනාගේ වගකීම බවයි.

අනුරාධපුර මහවිලච්චිය නබඩගස්දිගිලිය වැව ප‍්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (21දා) පෙරවරුවේ ආරම්භ කරමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

එසේම නියඟයෙන් පීඩාවට පත්ව සිටින හාරලක්ෂ විසි දෙදහසක් පමණ වන ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට පමණක් රජය රුපියල් මිලියන නවදහසක මුදලක් වෙන්කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එම සහන කටයුතු මෙම සතියේ සිට ආරම්භ කළ බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More