දේශීය පුවත්

යුද්ධය පැවති සමයේ උතුරේ ජනතාවට ආහාර පාන ලබා නොදීම හරහා ශ්‍රී ලංකා රජය යුධ අපරාධ කළ බවට ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගී වූ එල්.ටී.ටී.ඊ හිත වාදී පිරිස් එල්ල කළ චෝදනා වලට ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ඊයේ (22) දිනයේත් ප්‍රතිචාර දැක් විය.

මෙහිදී කරුණු 04 කින් යුත් “ජීනිවා ප්‍රකාශනයක් ” එළි දක්වමින් කොටි හිතවාදීන් ගෙන ගිය මතවාද සියල්ලමට පිළිතුරු ලබා දී තිබේ.

එම කරුණු 4,

1. දෙමළ ජනතාවට පමණක් වෙන් වූ නිජබිමක් ශ්‍රී ලංකාව තුළ නැත.

2. ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට පමණක් සිදුවන විශේෂ අසාධාරණයක් නැත.

3. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජිවත් වන පීඩනයට ලක්ව සිටින සිංහල, දෙමළ සහ මුහුදු වැදි ජනතාව සහ ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා සුරැකීමට පියවර ගත යුතුය.

4. කලාපීය සුළු ජන කොටසක් වන සිංහල ජනතාවට, ඔවුන්ගේ සංස්කෘතියට,භාෂාවට, උරුමයන්ට කලාපීය බහුතරය වන දෙමළ ජාතිකයන් නියෝජනය කරන දේශපාලනඥයන් සහ බටහිර ජාතීන්ගෙන් සිදුවන සියලු ආකාරයේ නොපෙනත්කම් වහා නැවැත්විය යුතුය.

මෙම සමාන්තර සැසි වාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ මහාචාර්ය චන්න ජයසුමන මහතා අදහස් දැක්වීය.

මීට අමතරව මෙම සැසිවාරයට සහභාගි වූ කොටි හිතවාදියෙකු වන ඩේවිඩ් විලී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට යුද අපරාධ පිළිබඳ ප්‍රශ්නයක් යොමුකරමින් යුද්ධය පවතින අවස්ථාවේ මෙරට හමුදාව උතුරේ ජනතාවට ආධාර යැවීමට බාධා කළ බවට චෝදනා කළේය.

මේ එම පැණයට පිළිතුරු ලබා දුන් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා.

“යුද්ධය පවතින කාලයේ රජය විසින් මානුෂීය ආධාර යැවීම සඳහා උපදේශන මණ්ඩලයක් පත් කළා. එහි රාජ්‍ය නිලධාරීන් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු නියෝජිතයින්ද එක්ව සිටියා. ඒ කාලයේ අපි කොච්චර දුරට උතුරට භාණ්ඩ යැවීම හොඳට කළාද කිව්වොත් එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු වන නීල් බූනේ සහ අමින් අවර්ඩ් යන මහත්වරුන් අපිට රන් පදක්කමක් පිදිය යුතු බවත් සඳහන් කළා. ශ්‍රී ලංකා යුද හමුදාව මුළු ලෝකෙටම පරමාදර්ශයක් බව ඒ අවස්ථාවේ පැවසුවා. ඒ කාලයේ මුලතිව් දිසාපතිනිය කිව්වේ ඕනෑම අවස්ථාවක මාස 03කට සරිලන ආහාර ගබඩාවේ ගබඩා කර ඇති බවයි. අවශ්‍ය නම් ඒ සඳහා වාර්තාත් ඉදිරිපත් කරන්න පුළුවන්”.

ජිනීවා UNHRC හිදී සිහනාද පතුරන සිංහයා නැවතත් සිහ ඝර්ජනා පතුරයි…!1.එදා LTTE ය ළමා සොල්දාදුවන් ඉදිරි පෙරමුණේ සටනට යෙදවූ බව ඔබ දැනසිටියාද ..?2.එදා යුද්ධය පවතින අවස්ථාවේ මුලතිවුහි සිටි දිසාපතිනිය පැවසුයේ මාස 3 සරිලන ආහාර සංචිතයක් ඔවුන් සතුව පැවතිබව පවසන විටදී මුලතිවුහි ආහාර නොමැති බව ඔබ පවසන්නේ කෙසේද?3.රජයේ හමුදාවන්ට වෙඩි තැබූ ත්‍රස්තවාදීන් තුවාල වූ විටදී ඔවුන්ටද අවශ්‍ය ප්‍රථමාධාර ලබාදී ඔවුන්ව රෝහල් ගතකරන ලද ලොව එකම මානුෂිය හමුදාව අපි.4.ශ්‍රීලංකා හමුදාව දියත්කල ලොව විශාලතම මානුෂිය මෙහෙයුම ඔබ පවසන්න පරිදි විහිලුවකට කාරණයක්ද?#ජනිත්ඉෂාර

Gepostet von Janith Ishara am Samstag, 22. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More