බිහිසුණු අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිට නිදහස් වූ හිටපු කොටි ක්‍රියාකාරීන්ගෙන් රජය සමාව ඉල්ලා ඔවුන් රැඳවුම්භාරයේ සිටි කාලය වෙනුවෙන් වන්දි ගෙවන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් තිදෙනෙක් ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත.
මෙම තිදෙනාගේ වාර්තාව 39 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර තිබේ.
විවිධ යුද අපරාධ සිදුකිරීම ගැන දැනට හිටපු කොටි ක්‍රියාකාරීන් 86 ක් අත්අඩංගුවේ පසුවේ.
මෙම නිර්දේශය මත මාස කිහිපයක් අත්අඩංගුවේ සිට නිදහස් වූ කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුගාන්තන් මාස්ටර්ට ද ක්ලේමෝ බෝම්බ තැබීමේ සිද්ධියකට චෝදනා ලැබ නිදහස් වූ හිටපු කොටි ත්රස්තයකුට ද වන්දි හිමිවේ.
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මේ නිර්දේශය අනුමත වී ඇත.
ඇමෙරිකානු රජය විසින් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් වූ අල්කයිදා ත්රස්තවාදීන්ගෙන් සමාව අයැද ඔවුන්ට වන්දි ගෙවන ලෙස එම එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් නිර්දේශ කර නැත.
– divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...