රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපළිවෙළ ගැන තමන්ට දැඩි කලකිරිමක් ඇති හෙයින් පක්ෂයේ තවදුරටත් රැඳීසිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා පවසයි.
තමා ආසන සංවිධායකධුරයෙන් සහ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරයෙන් ඉවත් කළද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිධුරයෙන් ඉවත් කිරිම ගැන මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නොමැති බවද ඔහු සඳහන් කළේය.
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ 1960 අගෝස්තු මාසයේදී බවත් එතැන් සිට පක්ෂය වෙනුවෙන් බොහෝ කැප කිරිම් කර ඇති බවත් ඒ මහතා පැවැසීය.
පක්ෂයේ වැඩපිළිවළ ගැන ඇති කලකිරිම නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට තමා තීන්දු කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...