දේශීය පුවත්

උතුරු නැගෙනහිර අර්බුදයට රජය විසින් දේශපාලන විසදුමක් ලබා දෙන ආකාරයක් තවමත් පෙනෙන්නට නැති නමුත් දෙමළ ජාතික සන්ධානය ඒ දෙස ඉවසීමෙන් යුතුව බලාසිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ සිටින ජපන් තානාපතිවරයාට ප්‍රකාශ කොට තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින ජපන් තානාපති කෙන්චි සුගුනුමා (kenchi sugunumaa) මහතා පසුගියදා ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂනායක කාර්යලයේදී හමු වී තිබේ.

මේ හමුව පැයක පමණ කාලයක් පැවති බව සදහන් කරණ විපක්ෂනායක කාර්යාලය එහිදී වැඩි වශයෙන්ම සාකච්ඡාවට ලක්වූයේ උතුරු නැගෙනහිර දැනට පවතින ගැටළු සම්බන්ධයෙන් බව ද කියා සිටියි.

සම්බන්ධන් මන්ත්‍රීවරයා ජපන් තානාපතිවරයාට පවසා ඇත්තේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සදහා මේ දිනවල රජය සමග සාකච්ඡා කිරීමට තමන් සූදානමින් සිටින බවයි.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයෙන් පසුව ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් එහිදී උතුරු නැගෙනහිර අර්බුදයට විසදුමක් සෙවීම සදහා රජය විසින් ගන්නා බවට පොරොන්දු වූ ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු රැසක් පිළිබදව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරණ බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසා තිබේ.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් මෙවර ගනු ලබන තීන්දු තීරණ දෙමළ ජාතික සන්ධානයට මේ අවස්ථාවේදී ඉතාම වැදගත් නිසා ඒ පිළිබදව අවධානයෙන් සිට එම තීරණ ඔස්සේ රජය සමග සාකච්ඡා කිරීම වඩාත් පලදායි වන බව තමන් විශ්වාස කරණ බවද විපක්ෂනායකවරයා ජපන් තානාපතිවරයාට ප්‍රකාශ කොට තිබේ.

උතුරු නැගෙනහිර අර්බුදයට දේශපාලන විසදුමක් ලබාදීම සම්බන්ධයෙන් රජය තවමත් උදාසීන තත්ත්වයක සිටින බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා ජපන් තානාපතිවරයාට ප්‍රකාශ කොට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More