දේශීය පුවත්

ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා පක්ෂග්‍රාහී වන අතර ඇයගේ හැසිරීමෙන් වන්නේ කොටි ඩයස්පෝරාවේ චිත්ත ධෛහිර්ය වැඩිවීම බව අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඊයේ (24 ) ජගත් මානව හිමිකම් සංගමයේ මහා සමුළුව අමතා වීරසේකර මහතා මේ බව කියා සිටියේය.

ගරු සභාපතිතුමියනි ,

ලංකාව පිළිබදව ඔබලාගේ සමාලෝචන වාර්තා කොටි ත්‍රස්තවාදය පරාජය කල අපේ හමුදාවට විරුද්ධව පලි ගැනීමේ චේතනාවෙන් කරන ලද්දක් බවයි අප දකින්නේ . ලෝකයාට ආදර්ශයක් ලෙස ත්‍රස්තවාදීන්ට දඬුවම් කරනු වෙනුවට ඔබලා ඉලක්ක කරන්නේ උන් පරාජය කල අපේ හමුදාවයි .

අපේ ජේෂ්ඨ යුධ හමුදා ජනරාල්වරයෙක්, රහස් පොලිසිය භාරව සිටි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු ඇතුලු නිලධාරින් රැසකට අද ඔස්ට්‍රලියාව , බ්‍රිතාන්‍ය වැනි රටවලට වීසා දෙන්නේ නැහැ .ඔවුන්ට විරුද්ධව යුධ හෝ වෙන කිසිම අපරාධ චෝදනාවක් නැහැ. නමුත් මාතෘභූමිය ආරක්ෂා කිරීමේ වරදට ඔවුන්ට දඬුවම් දෙනවා .

ලංකාවේ මානව හිමිකම් කොමිසම, යුධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන්ට යාමට අවශ්‍ය නිෂ්කාශන වාර්තා දීමෙන් වැලකී සිටිනවා . වීර පදක්කම් 7ක් ලබා ගෙන ඇති කර්නල් හේවගේ , යුධ හමුදා නිලදාරීන් 101 ක් සහ පොලිසේ නිලදාරීන් 11 ක් මාර්තු මාසයේ සිට වීසා ලැබිලත් යාමට නොහැකිව බලා සිටිනවා . ඔවුන් කර ඇති එකම අපරාධය ත්‍රස්තවාදය තුරන් කිරීමයි .රටකට සාමය උදා කරදුන් පුද්ගලයන්ටම එ ජා ස යේ සාමය රැකීමේ ක්‍රියාවලියට සහභාගී වීමට නොහැකි වීම හාස්‍ය ජනක හෝ පිළිකුල් සහගත හෝ නොවේද ?

ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා පක්ෂග්‍රාහී වන අතර ඇයගේ හැසිරීමෙන් වන්නේ කොටි ඩයස්පෝරාවේ චිත්ත දහිරිය වැඩිවීමයි .

ත්‍රස්තවාදීන් හා සටන් කරන ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය සෙබළුන්ට අපට වගේ සලකන්නේ නැහැ .ඔබ ” අපක්ෂපාති ” ප්‍රතිපත්තිය කඩ කරනවා නොවේද ? ඔබ විසින් ගව්රව කලයුතු අපේ රටේ ස්වයිරීත්වයට ඔබ අපහාස කරනවා නොවේද ?

මිචෙල් මැතිනියනි , ඔබ කියා සිටියා ඔබ සැමවිටම රජයේ කරුණු වලට සවන් දෙන බව .නමුත් කොටි ඩයස්පෝරාවේ සහ ඇමෙරිකාවේ සහයෙන් රට බෙදීමේ පොරොන්දුව මත බලයට පැමිණි වර්තමාන රජය සමග කතා කිරීමෙන් කිසිදු පලක් නැහැ . ඔබ ඔබේ රටට විරුද්ධව ගෙනෙන යෝජනාවකට සම අනුග්‍රහය දක්වනවාද ? කොහෙත්ම නැහැ . නමුත් මේ රජය කළා .ඒ නිසා ඔබ කතා කල යුත්තේ එය හෙලා දකින අප සමග මිස මේ නිවට රජය සමග නොවෙයි .
ස්තුතියි !

රියර් අද්මිරාල් සරත් වීරසේකර ජගත් මානව හිමිකම් සංගමයේ මහා සමුළුව අමතා නොවැම්බර් 24 වන දින කරනලද කතාවමිචෙල් මැතිනියනි ඔබ කතා කල යුත්තේ අප සමග මිස මේ නිවට රජය සමග නොවෙයි . ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා පක්ෂග්‍රාහී වන අතර ඇයගේ හැසිරීමෙන් වන්නේ කොටි ඩයස්පෝරාවේ චිත්ත දහිරිය වැඩිවීමයි . ගරු සභාපතිතුමියනි , ලංකාව පිළිඹදව ඔබලාගේ සමාලෝචන වාර්තා කොටි ත්‍රස්තවාදය පරාජය කල අපේ හමුදාවට විරුද්ධව පලි ගැනීමේ චේතනාවෙන් කරන ලද්දක් බවයි අප දකින්නේ . ලෝකයාට ආදර්ශයක් ලෙස ත්‍රස්තවාදීන්ට දඬුවම් කරනු වෙනුවට ඔබලා ඉලක්ක කරන්නේ උන් පරාජය කල අපේ හමුදාවයි .අපේ ජේෂ්ඨ යුධ හමුදා ජනරාල්වරයෙක්, රහස් පොලිසිය භාරව සිටි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු ඇතුලු නිලධාරින් රැසකට අද ඔස්ට්‍රලියාව , බ්‍රිතාන්‍ය වැනි රටවලට වීසා දෙන්නේ නැහැ .ඔවුන්ට විරුද්ධව යුධ හෝ වෙන කිසිම අපරාධ චෝදනාවක් නැහැ. නමුත් මාතෘභූමිය ආරක්ෂා කිරීමේ වරදට ඔවුන්ට දඬුවම් දෙනවා .ලංකාවේ මානව හිමිකම් කොමිසම, යුධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන්ට යාමට අවශ්‍ය නිෂ්කාශන වාර්තා දීමෙන් වැලකී සිටිනවා . වීර පදක්කම් 7ක් ලබා ගෙන ඇති කර්නල් හේවගේ , යුධ හමුදා නිලදාරීන් 101 ක් සහ පොලිසේ නිලදාරීන් 11 ක් මාර්තු මාසයේ සිට වීසා ලැබිලත් යාමට නොහැකිව බලා සිටිනවා . ඔවුන් කර ඇති එකම අපරාධය ත්‍රස්තවාදය තුරන් කිරීමයි .රටකට සාමය උදා කරදුන් පුද්ගලයන්ටම එ ජා ස යේ සාමය රැකීමේ ක්‍රියාවලියට සහභාගී වීමට නොහැකි වීම හාස්‍ය ජනක හෝ පිළිකුල් සහගත හෝ නොවේද ?ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා පක්ෂග්‍රාහී වන අතර ඇයගේ හැසිරීමෙන් වන්නේ කොටි ඩයස්පෝරාවේ චිත්ත දහිරිය වැඩිවීමයි .ත්‍රස්තවාදීන් හා සටන් කරන ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය සෙබළුන්ට අපට වගේ සලකන්නේ නැහැ .ඔබ " අපක්ෂපාති " ප්‍රතිපත්තිය කඩ කරනවා නොවේද ? ඔබ විසින් ගව්රව කලයුතු අපේ රටේ ස්වයිරීත්වයට ඔබ අපහාස කරනවා නොවේද ?මිචෙල් මැතිනියනි , ඔබ කියා සිටියා ඔබ සැමවිටම රජයේ කරුණු වලට සවන් දෙන බව .නමුත් කොටි ඩයස්පෝරාවේ සහ ඇමෙරිකාවේ සහයෙන් රට බෙදීමේ පොරොන්දුව මත බලයට පැමිණි වර්තමාන රජය සමග කතා කිරීමෙන් කිසිදු පලක් නැහැ . ඔබ ඔබේ රටට විරුද්ධව ගෙනෙන යෝජනාවකට සම අනුග්‍රහය දක්වනවාද ? කොහෙත්ම නැහැ . නමුත් මේ රජය කළා .ඒ නිසා ඔබ කතා කල යුත්තේ එය හෙලා දකින අප සමග මිස මේ නිවට රජය සමග නොවෙයි . ස්තුතියි ! 2018-09-24

Gepostet von Maduranga Perera am Montag, 24. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More