ශ‍්‍රීලනිපය සහ ඒකාබද්ධ පොදුජන පෙරමුණ එකට තරඟ කිරීම සඳහා වන සැලසුම් වළක්වා එක්සත් ජාතික පෙරමුණ සහ ශ‍්‍රීලනිපය ඉදිරි මැතිවරණවලදී එකම සන්ධානයකින් තරඟ කිරීම සඳහා පසුබිම සකස් කිරීමට ශ‍්‍රීලනිපයේ මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් උත්සාහ කරමින් සිටින බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂ කිහිපය එක්ව නව සන්ධානයක් ගොඩනැඟීම සඳහා මේ වනවිට සාකච්ඡා මාලාවක් දියත් කර ඇති අතර එම සන්ධානය සමඟ ශ‍්‍රීලනිපයද එක් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.
දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට එක්වනු ඇති බවට මාධ්‍ය හරහා ප‍්‍රචාරයක් ගෙනයෑමට හේතුව එම උත්සාහය අඩපණ කිරීම බවත් දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායමේ සැබෑ අරමුණ එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රීලනිපය අතර සන්ධානයක් ගොඩනැංවීම බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි..
කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මේ පිළිබඳව තම අදහස නිශ්චිතව ප‍්‍රකාශ කර නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...