20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සත්‍ය කතාව හෙළි නොකරන්නැයි එම පක්ෂයේ කිහිප දෙනෙක් තමන් ගෙන් ඉල්ලීම් කල බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතක් යැයි ද ඔහු සඳහන් කරයි.
එම පක්ෂය විසින් මහනාහිමිවරුන්ට ද පවසා ඇත්තේ සම්පූර්ණ අසත්‍යයක් බවත් සංශෝධනයේ අරමුණ කිසිදා ඡන්දයකින් ජයගත නොහැකි අගමැති රනිල් වික්‍රමසිංහට විධායක බලය සම්පූර්ණයෙන්ම ලබාදීමට බවත් ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් පෙත්සම මගින් පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැතැයි පැහැදිලිවම සඳහන් කර ඇති බවද පවසන ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නිශ්චිතවම මේ සඳහා ජනමත විචාරණයක් නියම කරනු ඇති බව ද කියා සිටියේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...