මානව හිමිකම් සම්බන්ධයෙන් පසුගිය දිනක කාඩිනල්වරයාගේ දැඩි ප්‍රකාශය අප ද අගේ කරමු. එහෙත් ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සමාජය දැඩි ලෙස මහනායක හාමුදුරුවන් වහන්සේලා විවේචනය කොට මුහුණු පොතේ පෝස්ට් හදා දමා තිබිණි. එය කිසිසේත් අනුමත් කළ නොහැකිය.මන්ද යත් කඩිනල් වරයා එවැනි ප්‍රකාශයක් කළ සැනින් හෝ පෙර ඒ කාරනාවටම ප්‍රකාශයක් කරන්නට මහනායක හිමිවරුන් ක්‍රියා කළ යුතුයි කියා සිතන බෞද්ධයෝ සිටිති. කාඩිනල් තුමා ද මේ රටේ පුරවැසියෙකි ඔහුට ද රට ගැන කැක්කුමක් තිබිය යුතුය. කඩිනල්ගේ ප්‍රකාශය ඔයතරමට වැදුන වුදවිය කොටිත් එක්ක ඊලම වෙනුවෙන් අදටත් සටන් කරන පූජකවරුන් සම්බන්ධව කොතනදිවත් ප්‍රකාශයක් කර තිබෙනවා දැක තිබේ ද? කටුබැද්ද ප්‍රදේශයේ ළමා නිවාසයේ ශරීර අංග ජාවාරමේ යෙදුනු පූජක වරු ගැන ප්‍රකාශයක් කලේ ද නඩුව ද බලපෑම් කොට අස්කරගත් බව රහසක් නොවේ. කඩිනල්වරයාගේ ප්‍රකාශය තවත් එක් ප්‍රකාශයක් පමණක් නොව යටි අරමුණක් නැතිවාම නොවේ, අවශ්‍ය මග හොදට බලා මග සලකුණු බලා ප්‍රකාශ කිරීමට ඔහු දක්ෂයකි.
කඩිනල් තුමාගේ ප්‍රකාශයට උද්දාමයට පත් බෞද්ධ පිරිසක් මහානායක හිමිවරුන් විවේචනය කරමින් කඩිනල් වර්ණනා කරනවා අප දුටුවෙමි. මහනායක හිමිවරු යනු ථෙරවාදයේ මූලය බව අමතක නොකර යුතුය.මුලයට අප විසින්ම ගසා ගැනීම මෝඩ ක්‍රියාවකි.උඩබලාගෙන කෙල ගැසූ කළ වැටෙන්නේ අපේ මුහුණටය. මූලය සිදගෙන අපිට රැකගන්නට දෙයක් නැත.ඒ අවශ්‍යතාව වෙනත් උවමනා පිරිසක් සිටින බව ද අමතක කල යුතු නැත.ඒ අවශ්‍යතාව අප ලවාම කරගැනීම සාර්ථක හා ලේසිම ක්‍රමය බව අප නොදන්නවා වුනාට ඔවුන් දනිති.
මහනායක හිමිවරු රටෙ බොහෝ ප්‍රශ්න සම්බන්ධයෙන් හඩ අවදි කළ ද පවතින පාලන තත්වයන්ගේ සංවෙදිතාවය නැති කම නිසා ඒ හඩ ප්‍රභල නැත.ඒය සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂ අාඩුවක වීමේ සම්භාවිතාවය අඩු බව නොරහසකි.අැතැම් කාරනා සම්බන්ධ අාණ්ඩුවේ ප්‍රධානින්ට යවා අැති ලිපි ලේකන ප්‍රකාශ සටහන් ලිපි ගොනු ගනනාවක් අැති බව දන්නෝ දනිති. අවශ්‍ය දේ වෙනුවෙන් හඩ අවදි කළ යුතු තැන අඩු වැඩි වශයෙන් හඩ නගා අැති බව පෙනේ. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහනායක හිමිවරු තම මතය හා පොරොන්දු කරවා ගත්ත ද එයට පිටුපෑමවේය. පෙර සදහන් කළ අාකාරයේ සංවේදිතාවය නැති කම එයට හේතුවකි. මේ රටේ බොහෝ වැදගත් අවස්ථාවලදී මහනායක හිමිවරු ප්‍රකාශය කළ ද අන්‍යයන් අැග බේරාගෙන සිටි බව අමතක නැත.
කාඩිනල්තුමාගේ එම ප්‍රකාශය කිරීම අගේ කරන අතර එම ප්‍රකාශය වර්ණනාවට ලක් කරන්නට ගෞරවනීය මහනායක මාහිමිපාණන් වහන්සේලාට අපහාස කරමින උන්වහන්සේලා විවේචනය කරන අලුත් පරපුරේ පන්නයේ පිරිසගේ ප්‍රකාශ හෙළා දකින බව සිහිපත් කරමි. පුංචි ධර්ම කාරණයක් ද මතක් කරන්නට කැමැත්තෙමි.
කිම්බිල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා මේ සාසනය බුද්ධ පරිනිර්වාණයෙන් පසු බොහෝ කාලයක් පවතින්නේ නැති නම් එයට හේතුව කුමක්ද කියලා. බුදුන් වහන්සේ එයට හේතුව මෙසේ දේශනා කළ සේක.
1 ශාස්තෘ ගෞරවය සමාජයෙන් අෑත්වීම
2 ධර්ම ගෞරවය සමාජයෙන් අෑත්වීම
3 සංඝ ගෞරවය සමාජයෙන් අෑත්වීම
4 සික්ෂා ගෞරවය සමාජයෙන් අෑත්වීම
5 එකිනෙකාට ගෞරවය සමාජයෙන් අෑත්වීම.
(අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ, කිම්බිල සූත්‍රයේදී ය.)
තෙරුවන් සරණයි
දෙහිපෙ චන්ද්‍රවිමල හිමි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...