දේශීය පුවත්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ තනතුරට නුසුදුසු ආකාරයෙන් හැසිරෙන බවට එල්ල වන චෝදනා පදනම් කරගනිමින් මෙම මන්ත්‍රීවරු පිරිස එම යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිති.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුද ‍පොලිස්පතිවරයා පිළිබඳව මෙවැනිම ස්ථාවරයක පසුවන අතර පාර්ලිමේන්තුවේ අනිකුත් බහුතරයක් මන්ත්‍රීවරුන්ගේද ‍පොදු මතය වී ඇත්තේ ‍පොලිස්පතිවරයා වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතු බවයි.

‍පොලිස්පතිවරයාගේ ඇතැම් ක්‍රියාකලාපයන් පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඔහුට පෞද්ගලිකවම දොස් පවරා තිබේ. ඒ අතර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාද පසුගිය දිනක ‍පොලිස්පතිවරයාට තරයේ අවවාද කර ඇත.

‍පොලිස්පතිවරයාට එරෙහිව මෑතකදී චෝදනා එල්ල වූ චෙක්පත් ගනුදෙනුව පිළිබඳවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
‍පොලිස්පතිවරයාට එළඹෙන 2020 වසර වනතෙක් ‍පොලිස්පති ධුරයේ රැඳී සිටීමට හැකිව තිබේ. කෙසේ වෙතත් ‍පොලිස්පතිවරයා ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More