දේශීය පුවත්

දෙමල ජනතාවට වෙනස් කම්, අසාධාරණ කම් කරන්නේ සිංහල ජනතාව නොව උසස් කුලේ යයි කියන වෙල්ලාලයින් බව රියර් අද්රමිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

පසුගියදා(24) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවති දේශනයකට එක්වෙමින් වීරසේකර මහතා මේ බව කියා සිටියේය.

ගරු සභාපති තුමනි ,

බෙදුම්වාදීන් චෝදනා කරන්නේ ලංකාවේ සිංහල බහුතරය දෙමළ සුළුතරයට අසාධාරනකම් කරනවා කියයි . නමුත් ඒ අසාධාරණය තියෙන්නේ ඔවුන් අතරමයි . උසස් කුලේ වෙල්ලාලයින් පහත් කුලේ අයට කෝවිල්, පාසල් වලට යන්න දෙන්නේ නැහැ . ඔවුන් පහත කුලේ අය සමග වතුර පොදක් බෙදා ගන්නේ නැහැ.

1968 දී සුන්දරලිංගම් නැමැත්තෙක් ප්‍රිවි කවුන්සලයට පවා ගියේ පහත් කුලේ අයට ඔවුන්ගේ හින්දු කෝවිල් වලට යාම තහනම් කරන මෙන් ඉල්ලමිනි . පොන්නම්බලම් රාමනාතන් ලන්ඩන් නුවරට ගියා යාපනයේ කුලබේදය නීතිගත කරන්න .

1951 දී සිංහල නායකයින් පහත් කුලේ දෙමල ජනතාවට වන අසාධාරණය වලක්වන්න සමාජ විෂමතා පනත ගෙනාවම වෙල්ලලයින් බ්‍රිතාන්‍යට ගොස් එය තහනම් කරන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටිය .

නූතන යුගයේ වෙල්ලලයින් තමන්ගේ එම බලය පවත්වාගත හැක්කේ දෙමළ ජනතාවගේ ගැලවුම්කරු ලෙස පෙනීසිටීමෙන් පමණක් බව තේරුම් ගත්තා .එනිසා ඔවුන් සිංහලයින් දෙමල ජනතාවගේ පරම සතුරන් යයි පෙන්වා තමන් ඔව්න්ගේ ආරක්ෂකයින් යයි කියා සිටියා .සිංහලයින් එතරම් නරක නම් මුස්ලිම් සුළුතරය සහ 50% කට වඩා දෙමළ ජනතාව සිංහල මහා ජාතිය සමග සුහද වසන්නේ කෙසේද ?

උතුරේ ප්‍රධාන ඇමති විග්නේශ්වරන් සිංහලයින් සමග අවුරුදු 65ක් ජීවත්වෙලා, මහා අධිකරණයේ විනිසුරුකරුවෙක්ද වෙලා, දැන් උතුරට ගොස් කියනවා උතුරේ සිංහලයාට ජීවත්වීමේ අයිතිය නැහැ කියා . ඔහු සිංහලයින්ට එරෙහිව වෛරය පතුරුවනවා .නමුත් උතුරේ රෝහල්වල රුධිරය හිඟ වුනාම රුධිරය දෙන්න ඉදිරිපත්වන්නේ සිංහල සොල්දාදුවොයි .ඒ මන්ද, විග්නේශ්වරන් සහ ඔහුගේ වෙල්ලාල සගයින් තමන්ගේ රුධිරය පහත කුලේ දෙමල ජනතාවගේ ලේ සමග මිශ්‍ර වනවාට අකමැති නිසා .

මේ යථාර්තය දැන්වත් ලංකාවේ දෙමල ජනතාව තේරුම් ගත යුතුයි .

දෙමල ජනතාවට වෙනස් කම්/ අසාධාරණ කම් කරන්නේ සිංහල ජනතාව නොව උසස් කුලේ යයි කියන වෙල්ලලයෝයි.රියර් අද්මිරාල් සරත් වීරසේකෙර ජිනීවා මානව හිමිකම් කවුන්සලේදී කියයි .ගරු සභාපති තුමනි ,බෙදුම්වාදීන් චෝදනා කරන්නේ ලංකාවේ සිංහල බහුතරය දෙමල සුළුතරයට අසාධාරනකම් කරනවා කියයි . නමුත් ඒ අසාධාරණය තියෙන්නේ ඔවුන් අතරමයි . උසස් කුලේ වෙල්ලාලයින් පහත් කුලේ අයට කෝවිල්, පාසල් වලට යන්න දෙන්නේ නැහැ . ඔවුන් පහත කුලේ අය සමග වතුර පොදක් බෙදා ගන්නේ නැහැ.1968 දී සුන්දරලිංගම් නැමැත්තෙක් ප්‍රිවි කවුන්සලයට පවා ගියේ පහත් කුලේ අයට ඔවුන්ගේ හින්දු කෝවිල් වලට යාම තහනම් කරන මෙන් ඉල්ලමිනි . පොන්නම්බලම් රාමනාතන් ලන්ඩන් නුවරට ගියා යාපනයේ කුලබේදය නීතිගත කරන්න .1951 දී සිංහල නායකයින් පහත් කුලේ දෙමල ජනතාවට වන අසාධාරණය වලක්වන්න සමාජ විෂමතා පනත ගෙනාවම වෙල්ලලයින් බ්‍රිතාන්‍යට ගොස් එය තහනම් කරන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටිය .නූතන යුගයේ වෙල්ලලයින් තමන්ගේ එම බලය පවත්වාගත හැක්කේ දෙමල ජනතාවගේ ගැලවුම්කරු ලෙස පෙනීසිටීමෙන් පමණක් බව තේරුම් ගත්තා .එනිසා ඔවුන් සිංහලයින් දෙමල ජනතාවගේ පරම සතුරන් යයි පෙන්වා තමන් ඔව්න්ගේ ආරක්ෂකයින් යයි කියා සිටියා .සිංහලයින් එතරම් නරක නම් මුස්ලිම් සුළුතරය සහ 50% කට වඩා දෙමල ජනතාව සිංහල මහා ජාතිය සමග සුහද වසන්නේ කෙසේද ?උතුරේ ප්‍රධාන ඇමති විග්නේශ්වරන් සිංහලයින් සමග අවුරුදු 65ක් ජීවත්වෙලා, මහා අධිකරණයේ විනිසුරුකරුවෙක්ද වෙලා, දැන් උතුරට ගොස් කියනවා උතුරේ සිංහලයාට ජීවත්වීමේ අයිතිය නැහැ කියා . ඔහු සිංහලයින්ට එරෙහිව වෛරය පතුරුවනවා .නමුත් උතුරේ රෝහල්වල රුධිරය හිඟ වුනාම රුධිරය දෙන්න ඉදිරිපත්වන්නේ සින්හල සොල්දාදුවොයි .ඒ මන්ද, විග්නේශ්වරන් සහ ඔහුගේ වෙල්ලාල සගයින් තමන්ගේ රුධිරය පහත කුලේ දෙමල ජනතාවගේ ලේ සමග මිශ්‍ර වනවාට අකමැති නිසා .මේ යථාර්තය දැන්වත් ලංකාවේ දෙමල ජනතාව තේරුම් ගත යුතුයි .

Gepostet von Maduranga Perera am Dienstag, 25. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More