ජනාධිපතිතුමා නිව්යෝක් හි කිරීමට නියමිත කතාවේ අඩංගුව පැහැදිලි නැතත් ඔහුගේ අරමුණ කුමක්දැයි ඔහු ඊට පෙර කළ කතාවලින් සහ චම්පික, සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් කළ කතාවලින් පැහැදිලි වන බව ජාතික සංවිධාන පවසයි.
මේ බව ප්‍රකාශ කළේ අද (25) ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ දී පැවැත්වූ සාකච්ඡාවක දී ය.
ආණ්ඩුව විසින් කොටි ත්‍රස්තවාදීන්ට සමාව දීමේ හිලව්වට දෙමුහුන් යුද අපරාධ අධිකරණ යෝජනාව ඉදිරිපත් කර ගන්නා ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටීමට සැරසෙන බවට තර්ක කරන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා තවදුරටත් කියා සිටියේ එතැනින් නොනැවතී 13 බලාත්මක කරන ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමට සහ සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට ද ක්‍රියා කරන බවය.
එහිදී අදහස් දැක්වූ මොහාන් සමරනායක මහතා පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරියේ කරනු ලබන කතාවට නීතිමය වලංගු භාවයක් නැති බවත් එය 2019 මාර්තු මානව හිමිකම් කවුන්සලයට ආණ්ඩුව විසින්ම ඉදිරිපත් කරන යෝජනාවේ පෙරහුරුවක් බවය.
මෛත්‍රීගේ නිව්යෝර්ක් කතාවේන් ඔහු හැරෙන්නේ මොකට දැයි පැහැදිලිව පෙනේවෛද්‍ය වසන්ත බණ්ඩාර
Gepostet von Lanka Lead News am Dienstag, 25. September 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...