දේශීය පුවත්

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිමහින්ද රාජපක්‍ෂමහතා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ද ඝාතනය කිරීමට සැලසුමක් තිබූ බවට දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාගේ මාවනැල්ල නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දියන් ජාතිකයා හෙළිකළ බව රහස් පොලීසිය ඊයේ (24දා) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නාය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණවලදී මේ බව හෙළිවූයේ යැයි සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්කරමින් රහස් පොලීසිය දැනුම් දුන්නේය.

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා කළ දැනුම්දීමකට අනුව මාවනැල්ලේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ජාතිකයා වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙකු බවත්, ඔහු රාගම ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන එහි පදිංචිව සිට ඇති බවත් දැනුම් දුන් රහස් පොලීසිය, මේ වන විට ඔහු රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවද දැනුම් දුන්නේය.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා ඝාතන සැලසුම් හෙළිවූ බව දැනුම් දුන් රහස් පොලීසිය,මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවද අධිකරණයටදැනුම් දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More