දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කරයි.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය කරන පසුබිම පවතින බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවත් එය මූලික කරගනිමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දෙයි.

රටකට අවශ්‍ය වන්නේ එම රටේ ජනතාවට සහ පාර්ලිමේන්තුවට වගකියන රාජ්‍ය නායකයකු බවත් එම කරුණු සලකා බැලීමේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැදගත් වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුව තුළ දැනට එකඟත්වය පළකොට නොමැති දේශපාලන පක්ෂ සමඟ දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.

-Mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More