හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (25දා) දිනයේදීයළි දිවයිනට පැමිණ තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හදිසි කැඳවීමක් මත ඒ මහතා මෙලෙස පැමිණ ඇතැයි වාර්තා වෙයි.
මාස දෙකකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ නිවාඩුවක් ගතකළ බැසිල් රාජපක්‍ෂ මහතා ලබන 10 වැනිදා දිවයිනට පැමිණීමට ගුවන් ටිකට්පත් සූදානම් කරගෙන සිටි බවද වාර්තා වේ.
අධිකරණයෙන් ලද විශේෂ අවසරයක් මත විදේශගතවූ ඒ මහතා සිය බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් සමග ගතකිරීමට හාවෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කාලය යොදවා තිබිණි.
දේශපාලන ක්‍ෂේත්‍රයේ මතුව ඇති උණුසුම් තත්ත්වය මත ඒකාබද්ධ විපක්‍ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු වැඩිකිරීමේ අවශ්‍යතාවක් මතුව තිබෙන බැවින් එතෙක් කල් නොසිට ඉතා ඉක්මනින් ලංකාවට පැමිණෙන්නැයි හිටපු ජනාධිපතිවරයා බැසිල් රාජපක්‍ෂ මහතාට පවසා ඇතැයි දේශපාලන ආංරචිමාර්ග සඳහන් කළේය.
බැසිල් රාජපක්‍ෂ මහතා ඇමෙරිකාවේ ගතකළ කාලය තුළදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බැලූ බවත්,එම කාලය තුළදී ඔහු ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන පෙළේ නායකයන් සමග නිරන්තරව සබඳතා පැවැත්වූ බවත් පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...