අර්ජුන රණතුංග අමාත්‍යවරයා තමන්ට සහ තිලංග සුමතිපාල මහතාට චෝදනා එල්ල කරන්නේ පෞද්ගලික වෛරයක් පදනම් කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
පසුගියදා අර්ජුන රණතුංග අමාත්‍යවරයා එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා අද(26) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.
1998 – 2000 ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ ධම්මික රණතුංග බවත් එවකට ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස සිටියේ අර්ජුන රණතුංග මහතා බවත් විධායක කමිටු සභිකවරයෙක් ලෙස නිශාන්ත රණතුංග යන අය තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වය යටතේ කටයුතු කළ බව ඒ මහතා පෙන්වා දෙයි.
පසුව කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් ධම්මික රණතුංග මහතා විධායක නිලධාරී ධුරයෙන් ඉවත් කළ පසු අර්ජුන රණතුංග මහතා තිලංග සුමතිපාල මහතා සමඟ විරසක වූ බව වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...