දේශීය පුවත්

රටේ ජාතික ආරක්‍ෂාව කඩාවැටීම සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම සඳහා ලබන සතියේ වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පැනනැඟී තිබෙන අවස්ථාවක දින 14ක් පාර්ලිමේන්තුව රැස් නොකර සිටීම කිසිසේත්ම කළ නොහැකි බව මේ ඉල්ලීම කරන ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ එම පවුලේ සාමාජිකයන් ඇතුළු ප්‍රභූන් කිහිප දෙනකුගේ ජීවිතවලට එල්ල වී තිබෙන තර්ජන හේතුවෙන් රටේ ආරක්‍ෂාව පිළිබඳ දරුණු අර්බුදයක් ඇති වී තිබෙන බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

ලබන සතියේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළද, මෙතෙක් ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නොදැක්වූ බවද ඊයේ (26දා) බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More