ජානිපෙ සහ ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ අතර රටේ වත්මන් දේශපාලන තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවර පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (27)පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ඉල්ලීමක් මත සිදු කෙරුණු අතර එම පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරු එහි මුලසුන දැරූහ.
ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම්, නීතිඥ කපිල ගමගේ, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, ප්රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් නියෝජ්‍ය ලේකම් ජී. වී. ඞී. තිලකසිරි, භාණ්ඩාගාරික ඩබ්ලිව්. කලන්සූරියආරච්චි, උප ලේකම් සනත් රණසිංහ, සංවිධායක ලේකම් සරත් පද්මදාස යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...