සමලිංගික කාන්තාවන්ට එකට ජීවත් වීමට අවසර ලබා දෙමින් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත අධිකරණයක් තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ.
සිය සහකාරිය වූ 24 හැවිදිරි අරුණා, සිය පවුල්වල සාමාජිකයන් විසින් බලෙන් රඳවාගෙන සිටින බව පවසමින් 40 හැවිදිරි එස් ශ්‍රීජා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.
ඔවුහු වසර දෙකක කාලයක සිට සම්බන්ධතාවක් පවත්වන අතර, පසුගිය අගෝස්තු මස සිට එකට ජීවත් වීම ආරම්භ කළ බව අධිකරණයට පැවසූහ.
ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් මස මුලදී ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බවය. එම තීන්දුවෙන් පසු අදාළ කරුණ පිළිබඳ අධිකරණ නියෝගයක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙයයි.
කාන්තාවන් දෙදෙනා කොල්ලාම් දිස්ත්‍රික්කය තුළ එකට ජීවත් වීම ආරම්භ කර දිනකට පසු, පොලිසිය පැමිණ තම සහකාරිය අරුණා රැගෙන ගිය බව ශ්‍රීජා සිය පෙත්සමේ සඳහන් කර තිබුණාය.
අරුණාගේ මව ඇය අතුරුදහන්ව ඇති බව පවසමින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය එලෙස ක්‍රියා කර ඇතැයි ශ්‍රීජා චෝදනා කරන්නීය. නමුත්, අතුරුදහන් වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවෙන් පසුව ද පවුලේ සාමාජිකයන් අරුණාව රැගෙන ගිය බව ශ්‍රීජා ප්‍රකාශ කළාය.
“අගෝස්තු 14 වෙනි දින උසාවිය ඇය නිදහස් කළා. නමුත් උසාවියෙන් පිටතට ආපු සැණින් ඇය සහ සහකාරිය මිනිසුන් පිරිසක් විසින් දෙපැත්තට වෙන් කර අල්ලා ගත්තා. ඉන්පසු තරුණ කාන්තාව රැගෙන ගියා,” යැයි ශ්‍රීජාගේ නීතීඥවරිය වන ප්‍රීටා කේකේ බීබීසී හින්දි වාර්තාකරු ඉම්රාන් කුරේෂිට පැවසුවාය.
“ඔවුන් ඇයව තීරුවනන්තපුරම් මානසික රෝහලකට ඇතුළත් කළා.”
maubima
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...