දේශීය පුවත්

ඓතිහාසික පිදුරන්ගල රජමහ විහාරස්ථානයේ පිහිටි ගල මතට නැග අඩ නිරුවතින් ඡායාරූප ගෙන මුහුණු පොත හරහා අන්තර්ජාලයට මුදාහැර තිබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා ඔක්තෝම්බර් 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(27) නියෝග කළේය.

මෙසේ බන්ධනාගාර ගත වූයේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි ශාමික දිල්ශාන් අබේවික්‍රම ,සපුමල් දීමන්ත සුබසිංහ ,එල් .ඒ .ඒ .පියුමාල් යන දහ නම හැවිරිදි වියේ පසුවන තිදෙනකුය. .

මෙම සැකකරුවන් සිගිරිය පොලිසිය ඊයේ (26) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද (27) සීගිරිය පොලිසියේ සිට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත පොලිස් නිල රථයකින් රැගෙන ආහ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම් .අස්මි මහතා කියා සිටියේ මෙම සැකකරුවන් නොදැනුවත්කම හේතුවෙන් මෙවැනි දෙයක් සිදු කළ බවත් ඔවුන්ට සුදුසු ඇපයක් ලබාදෙන ලෙසත් එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ එම්. ආස්මී මහතා කියා සිටියේ කියා සිටියේ පුරාවිද්‍යා ආඥා පනත යටතේ මෙම සැකකරුවන්ට නඩු පවරා ඇති බවත්ය . හේස්ත්‍රාත් අධිකරණයට ඔවුන්ට ඇප දීමේ බලයක් නොමැති නිසා බන්ධනාගාර ගත කළ බවය.

එමෙන්ම ලෝක සංචාරක දින උත්සවයකට සීගිරියේ දී එක්වෙමින් අද (27) උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය නිතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මෙම සිද්ධිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළේය.

පිදුරංගල ගල මත අඩ නිරුවතින් ඡායාරූප ගෙන ඉදිරිපත් කිරීම රටේ අභිමානයට හානියක් බවත් එය නොහොබිනා ක්‍රියාවක් බව ද සඳහන් කළේය. මුලු මහත් රටේම ජනතාවගේ අභිමානයට මෙම ක්‍රියාව හානියක් බවද ඇමතිවරයා කීවේය.

රටේ අභිමානයක් ඇති පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන අපවිත්‍ර කිරීම ට තරම් අද රටේ ඇතැම් තරුණ තරුණියන් නිවට තත්ත්වයට ඇද වැටී ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව ද කීවේය. මේ පිළිබඳව අනුකම්පා විරහිතව නීතිය ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More