දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාවන් ගෙනගිය යුද්ධයේ අවසාන සති දෙක පිළිබඳව සියලු දෙනාටම වඩා හොදින් කරුණු දන්නේ තමන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම කාලයේ දී තමන් වැඩ බලන ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කළ බවද හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා, හිටපු හමුදාපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා එම කාලයේදී ලංකාවේ නොසිටි බවද සඳහන් කරයි.

එල්ටීටීඊ සංවිධානය අවසන් සටන පසු නොබසින බවත් දකුණු ඉන්දියාවෙන් හෝ වෙනත් කොහේ හෝ සිට පැමිණ උඩින් බෝම්බ‍ෙහෙළා කොළඹ නගරය සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට රජයට ලැබී තිබූ තොරතුරු මත ඔවුන්ටිසෙියලු ‍ දෙනා රටින් පිටව ගොස් සිටි බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

තමන්ද එම අවසන් සති දෙකේ කොළඹ නොසිටි බවත් රටේ තැන් තැන් වල සිටි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ඇමරිකාවේ නිවුයෝක්හිදී එරට වෛසන ශ්‍රී ලාංකිකයන් පිරිසක් අමතමිනි.

යුද්ධයේ අවසන් සති දෙකේ රටේ සිදු වූ දේ ගැන ජනපති නිව් යෝර්ක්හිදී කතා කරයි

යුද්ධයේ අවසන් සති දෙකේ රටේ සිදු වූ දේ ගැන ජනපති නිව් යෝර්ක්හිදී කතා කරයි#lka #President #MaithripalaSirisena #News1st

Gepostet von Newsfirst.lk am Donnerstag, 27. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More