නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දැනුවත්ව ත්‍රස්තවාදී ක්රියා රැසක් දියත් කිරීමට ප්‍රංශයේ සිටින පුද්ගලයකුගෙන් මුදල් ආධාර ලැබුණු බව , ජනපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව කරුණු හෙළි කළ නාමල් කුමාර ඊෙයේ(27) තවත් හෙළිදරව්වක් කරමින් කියා සිටියේය.
තමනට ත්‍රස්තවාදී ක්රියා රැසක් කිරීමට විදේශයක සිටින පුද්ගලයකු හරහා මුදල් ලබාදීමට නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා විසින් සම්බන්ධීකරණය සිදු කළ බව ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
එහිදීද තවත් හඬ පට කිහිපයක් ඔහු හෙළිදරව් කරනු ලැබුවේ තමන් සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අතර වූ ඒවා යයි සදහන් කරමිනි.
මුස්ලිම් අමාත්‍යවරුන් ඝාතනය කිරීමට, මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර එල්ල කිරීමට තමනට මුදල් ලබාදුන් බවද වූ මාධ්‍ය හමුවේ කියා සිටියේ පසුගියදා මහනුවර ඇතිවූ සිංහල මුස්ලිම් ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ද හුවමාරු අදහස් ඇතුළත් හඬ පටය ප‍්‍රසිද්ධ කරමිනි.
එම සීඩී තැටියේ අන්තර්ගත කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ මාධ්‍ය හමුවක් නාමල් කුමාර පැවැත්වූ අතර එහිදී නියෝජ්‍ය පොලිස්පති නාලක දසිල්වා කලකට පෙර තමාට කළ තර්ජනයකට අදාළ දුරකථන සංවාදයක් ද මාධ්‍ය වෙත නිකුත් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...