දේශීය පුවත්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරද්දි විධායක ජනාධිපතිධුරය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මෙම ඇමැතිවරු දෙදෙනා එකම ස්ථානයක සිට පරස්පර අදහස් පැවැසුවේ විධායක ජනාධිපතිධුරය ඉවත්කිරීම පිළිබඳව මාධ්‍ය යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994 වසරේදී බලයට පැමිණෙද්දී විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට ජනතාවට ‍පොරොන්දු දුන් බව රාජිත සේනාරත්න මහතා කීවේය. එක්සත් ජාතික පක්ෂය හැරුණාම මේ රටේ සියලුම දේශපාලන පක්ෂ විධායක ජනාධිපතිධුරයට එරෙහිව 1978 සිට සටන් වැදුණු බවද ඔහු පැවැසීය. තමාද එම සටන්වල සිටි බව ඔහු කීවේය. වත්මන් විධායක ජනාධිපතිතුමාට තමා සියලුදෙනාට වඩා ආදරය කරන නමුත් අපේ ජනාධිපතිතුමා කිය කියා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ගොඩනැගූ ප්‍රතිපත්ති වෙනස් කළ නොහැකි බවද ඔහු පැවැසීය.

කෙසේ වෙතත් මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාවට තම පක්ෂය ඉදිරිපත් කර ඇති අදහස වන්නේ මධ්‍යම රජයට බලය තබාගැනීම සඳහා විධායක ජනාධිපතිධුරය වෙනස් නොවිය යුතු බවයි. කෙසේ නමුත් නව ව්‍යවස්ථාවේ අවසන් වාර්තාව සකස් කරන විට එම අදහස් වෙනස් විය හැකි නමුත් විධායක ජනාධිපතිධුරය අහෝසි කර විධායක අගමැතිවරයකු පත්කිරීමට කිසිසේත් එකඟ නොවන බවද දයාසිරි ජයසේකර මහතා පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More