මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට යාමේදී ඇති වු ගැටළුව මුල් කරමින් හට ගත් ආරවුල සම්බන්ධයෙන් වන නඩු විභාගය ඊයේ (27) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේදී මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාගයට ගැණින.
නඩු විභාගය වෙනුවෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමියන්, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව හා පුරාවිද්‍ය නිළධාරීන් පිරිසක්ද සහභාගිවී සිටියහ.
නඩු විභාගය විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලීසිය වෙත නියෝග කරනු ලැබුවේ නඩු විභාගය එළඹෙන 01 වැනිදා නැවත විභාගයට ගැනීමට නියමිත අතර, අදාළ ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍ය තොරතුරු ඇතුළත් කොට සම්පූර්ණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.
මුලතිව් කුරුදුමලෙයි පුරාවිද්‍ය ස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පුරාවිද්‍ය නිළධාරීන් සමඟ වැලිඔය සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ ගල්ගමුවේ ශාන්තබෝධි නාහිමියන් වහන්සේ ප්රමුඛ ස්වාමීන්වහන්සේලා වැඩම කිරීමත් සමඟ පසුගිය 04 වැනිදා අර්බුදයක් හටගත් අතර, අදාළ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් ධීවර කටයුතු අමාත්‍ය කන්දයියා සර්වේශ්වරන් මහතා හා උතුරු පළාත් සභා මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පුරාවිද්‍ය නිළධාරීන්ට හා ස්වාමීන්වන්සේලා වෙත විරෝධතාවය පළකොට තිබිණ.
කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධ නඩුව එළඹෙන 01 වැනිදා යළි විභාගයටමුලතිව්, ඔඩ්ඩුසුඩාන්, කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට යාමේදී ඇති වු ගැටළුව මුල් කරමින් හට ගත් ආරවුල සම්බන්ධයෙන් වන නඩු විභාගය ඊයේ (27) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේදී මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාගයට ගැණින.නඩු විභාගය වෙනුවෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමියන්, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව හා පුරාවිද්‍ය නිළධාරීන් පිරිසක්ද සහභාගිවී සිටියහ.නඩු විභාගය විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලීසිය වෙත නියෝග කරනු ලැබුවේ නඩු විභාගය එළඹෙන 01 වැනිදා නැවත විභාගයට ගැනීමට නියමිත අතර, අදාළ ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍ය තොරතුරු ඇතුළත් කොට සම්පූර්ණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.මුලතිව් කුරුදුමලෙයි පුරාවිද්‍ය ස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පුරාවිද්‍ය නිළධාරීන් සමඟ වැලිඔය සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ ගල්ගමුවේ ශාන්තබෝධි නාහිමියන් වහන්සේ ප්රමුඛ ස්වාමීන්වහන්සේලා වැඩම කිරීමත් සමඟ පසුගිය 04 වැනිදා අර්බුදයක් හටගත් අතර, අදාළ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් ධීවර කටයුතු අමාත්‍ය කන්දයියා සර්වේශ්වරන් මහතා හා උතුරු පළාත් සභා මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පුරාවිද්‍ය නිළධාරීන්ට හා ස්වාමීන්වන්සේලා වෙත විරෝධතාවය පළකොට තිබිණ.
Gepostet von Lanka Lead News am Donnerstag, 27. September 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...