ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන ආකාරයට පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිදු හදිසි අවශ්‍යතාවක් රට තුළ නොමැති බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන ලෙසට කථානායක කරු ජයසූරියගෙන් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලීමක් කළද ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බවද ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුව නියමිත පරිදි රැස්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 9 වැනිදා දහවල් එකට බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...