තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයකු වූ සුමිත් රණසිංහ යන අය වගකිවයුතු යැයි විශ්‍රාමික රියර් අද්මිරාල්වරයකු වන ශ්‍යාමල් ප්‍රනාන්දු යන අය ප්‍රකාශයක් දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා (26දා) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එලෙස දන්වා සිටියේ තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළා යැයි කියන සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය. කොළඹ කොටුව වැඩ බලන මහෙස්ත්‍රාත් දීමනී මැද්දෙවෙල මහත්මිය හමුවේ නඩුව කැඳවනු ලැබිණි.
ශ්‍යාමල් ප්‍රනාන්දු යන අය එවකට නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා යටතේ ඔහුගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. හිටපු නාවික හමුදාපතිවරුන් 10 දෙනකු යටතේ එම නිලධාරියා ලේකම්වරයකු වශයෙන් කටයුතු කර ඇති බවද හෙතෙම අධිකරණයට ප්‍රකාශ කර සිටියේය.
එවකට ධීවර අමාත්‍යවරයාව සිටි ෆීලික්ස් පෙරේරා මහතාට අතුරුදන් වූ එක් ළමයකුගේ මවක් කළ ඉල්ලීමකට අනුව ධීවර අමාත්‍යවරයා තමන්ගෙන් කළ ඉල්ලීම පරිදි අතුරුදන් වූ තරුණයන් පිළිබඳව තමන් සොයාබැලූ බවද එහිදී අතුරුදන් වූ තරුණයන්ගෙන් පස්දෙනකු ත්‍රිකුණාමලය ගන්සයිඩ් නාවික භූගත කඳවුරේ රඳවා සිටින බවට තමා තහවුරු කරගත් බවද විශ්‍රාමික අද්මිරාල්වරයා ප්‍රකාශ කර ඇති බවද සිද්ධියේ විමර්ශන නිලධාරි පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
එවකට ධීවර අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා විසින් අමාත්‍යවරයාගේ ලිපි ශීර්ෂය යටතේ අතුරුදන් ළමයින් බේරා දෙන ලෙසට එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට ලිපියක් යොමු කළ බවද ඒ සම්බන්ධව නාවික හමුදාපතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවද එලෙස ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් අතුරුදන් වූ ළමයින් පිරිස බේරා ගැනීමට හැකියාව තිබූ බවද විශ්‍රාමික රියර් අද්මිරාල්වරයා ප්‍රකාශ කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය. සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු සහ 10 වැනි සැකකරු වන නාවික හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය ලබන මස 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් දීමනී මැද්දෙවෙල මහත්මිය නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෙසු සැකකරුවන් වන්නේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක, නාවික හමුදා බුද්ධි අංශයට සම්බන්ධව කටයුතු කළ ලුතිනන් කමාන්ඩර්වරුන් වන නිලන්ත සම්පත් මුණසිංහ, පේලිගේ සුමිත් රණසිංහ, බළ නැවියකු වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් උදය කුමාර, නාවික හමුදාවේ නැවියන් වන නලීන් ප්‍රසන්න වික්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස, කංකානම් පතිරන්නැහැලාගේ කිත්සිරි, නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියකු වන කස්තුරිගේ ගාමිණී, නාවික හමුදා යාත්‍රා බළගණයේ නැවියකු වූ නාවික හමුදා බුද්ධි අංශ මෙහෙයුම්වලට සම්බන්ධව කටයුතු කළ තුෂාර මෙන්ඩිස් යන පිරිසයි.
ඔවුහු සියලුදෙනා මේ වන විට අධිකරණය මඟින් ඇප ලබා සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Is this the man: https://www.facebook.com/shemallfernando ?