දේශීය පුවත්

ඊයේ මුදල් අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී රටට කියනවා ලබන මාසයේ 10 වෙනිදා වෙනකොට ඉන්ධන මිල සූත්‍රයට අනුව තවත් ඉන්ධන මිල තවත් වැඩි වීමක් බලාපොරොත්තු වෙන්න කියලා. ඉස්සර කමින් සූන් කියලා චිත්‍රපටිවල කෑලි පෙන්නුවා වගේ දැන් ආණ්ඩුව විසින් ජනතාවගේ බඩට ගහන බෝම්බ ප්‍රහාරත් කමින් සූන් දාලා, ට්‍රේලර්ස් දාලා මුලින් ජනතාවට දැනගන්න සලස්වනවා.

ඉන්ධන සම්බන්ධයෙන් ලෝක වෙළඳපොලේ මිල වැඩි වීමයි ලංකාවේ සිල්ලර වෙළද පොලේ මිල වැඩිවීමයි අතර කිසිම තාර්කික සම්බන්ධයක් අපට නම් සොයා ගන්නට බැහැ. ඒ නිසා අපි පෙට්‍රල් සහ ඩීසල් වලට මෙතරම් දැවැන්ත මිලක් ගෙවිය යුත්තේ ඇයි කියන එක දැන ගැනීමේ අයිතියක් ජනතාවට තියෙනවා. අන්න ඒ නිසා අපි මුදල් අමාත්‍යංශයෙන් මේ අරුම පුදුම අභිරහස් ඉන්ධන මිල සූත්‍රය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. එම ඉල්ලීම යොමුකර තිබුණා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත. තොරතුරු නිලධාරියා අපට දැනුම් දෙනවා පනතේ 5(1) (ඇ) (iv) උප වගන්තිය යටතේ මෙම තොරතුරු ලබා දුනහොත් ජාතික ආර්ථිකයට බලවත් අගතියක් සිදු විය හැකි නිසා එය ලබාදිය නොහැකි බව.

එමෙන්ම ඔහු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විමලේන්තිරරාජා මහතා ව අභියාචනා සම්බන්ධයෙන් නම් කළ නිලධාරියා ලෙස පත් කර තියෙනවා. ඒ අනුව අද අපි ඇවිල්ල විමලේන්තිරරාජා මහතාව හමු වෙලා එතුමන්ට පැහැදිලි කළා පනතේ මේ උපුටා දක්වා ඇති වගන්තියෙන් කියන්නේ, ආර්ථික හෝ මූල්‍ය ප්‍රතිපත්තියක් කලින් හෙළි කිරීම ආර්ථිකයට බරපතළ අගතියක් විය හැකි නම් එය හෙළි නොකර සිටීමට ආණ්ඩුවට ඇති අයිතිය ගැන බව. නමුත් අප ඉල්ලා සිටින්නේ ප්‍රතිපත්තියක් නොවෙයි. උදාහරණයක් විදිහට ගතහොත් හිතුණ හිතුණ විදිහට ඉන්ධන මිල වෙනස් කරනවා වෙනුවට මිල සූත්‍රයක් හඳුන්වා දීම ආර්ථික ප්‍රතිපත්තියක්. මුල්‍ය ප්‍රතිපත්තියක්. නමුත් ඒ ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුව අනුව මාස්පතා ඉන්ධන මිල ගණනය කිරීම ප්‍රතිපත්තිමය තීන්දුවක් නොවේ. අනික් පැත්තෙන් රටේ ජනතාවට ඉන්ධන මිල සූත්‍රය අනාවරණය කිරීමෙන් රටේ ආර්ථිකයට බරපතළ හානියක් සිදු වෙන්නට හැකියාවක් නැහැ. ඒ නිසා අපට මේ මිල සූත්‍රය දැන ගැනීමට අයිතියක් ඇති බවත් එය ලබා නොදීම සඳහා මේ දක්වා ඇති වගන්ති කිසිසේත් මිල සූත්‍රයට අදාළ නොවන බවත් එබැවින් මිල සූත්‍රය සඟවාගෙන සිටීම නීති විරෝධී කටයුත්තක් බවත් අපි අද විමලේන්තිරරාජා මහතාට දැනුම් දුන්නා.

එපමණක් නොවෙයි 19වන සංශෝධනය යටතේ අපට අලුත් මූලික අයිතිවාසිකමක් ලැබිලා තියෙනවා. ඒ තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය. ඒ නිසා මගේ මූලික අයිතිවාසිකම් මෙයින් කඩ වෙලා තියෙනවා. ඒ නිසා මේ තොරතුරු ලබා නොදුන්නොත් ලංකා ඉතිහාසයේ පළමු වරට තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුව අප පවරනවා කියලා අප එතුමන්ට දැනුම් දුන්නා. එහිදී එතුමන් අපට සඳහන් කළා මිල සූත්‍රය දැන්ම හෙළි කළ නොහැකි බව. එමෙන්ම මිල සූත්‍රයට අමතරව මිල සූත්‍රය ගොඩනැගීම සඳහා පාදක කරගත් සංඝටක ද අප ඉල්ලා සිටියා. එම සංඝටක නුදුරු දිනකදී මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරන බවට එතුමා පොරොන්දු වුණා. මේ සංඝටක ලබා දීමට එකඟතාවය පළ කිරීම අපේ ජයග්‍රහණයක්. නමුත් අපේ බලාපොරොත්තුව මිල සූත්‍රය ම ලබාගැනීමයි. ඒ නිසා මේ සියල්ල ලබා ගැනීම සඳහා අපි අනිවාර්යෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනවා.

මංගල අවමන් කලේ කාදිනල්තුමාට නොව කෝටි 100ක් වූ කතෝලික ප්‍රජාවටයි

අපි දකිනවා මුදල් ඇමැතිතුමා තමන්ට අදාළ නැති වැඩ ඕනෑතරම් කරනවා. කතෝලික සභාවේ ප්‍රධානියා විදියට කටයුතු කරන අපේ කාදිනල්තුමා ආගම් භේදයකින් තොරව මේ රටේ ජනතාවගේ ආදරය ගෞරවය දිනාගත් චරිතයක්. අනික් පැත්තෙන් කෝටි සීයක් වන ලෝක කතෝලික ප්‍රජාවේ නායකයෙක්. අවුරුදු පන්සීයකට වැඩි ශ්‍රී ලංකාවේ කතෝලික ඉතිහාසය තුළ බිහි වුණු දෙවන කාදිනල්වරයා තමයි මැල්කම් රංජිත් කාදිනල් තුමා. ඒ නිසා එවැනි ලෝක පූජිත චරිතයකට, අප රැකගත යුතු චරිතයකට, අවමන් කිරීමෙන් නොනැවතී සමස්ත කතෝලික ‍ ප්‍රජාවටම මුදල් අමාත්‍යවරයා අවමන් කරන්නට ගොස් තිබෙනවා. ඒ නිසා අපි මුදල් අමාත්‍යතුමාට කියා සිටිනවා කතෝලික ප්‍රජාව නායකයන්ට කතෝලික සභාවේ ඉතිහාසය පිලිබඳ ටියුෂන් ලබා දීමට යන්නේ නැතුව මුදල් අමාත්‍යාංශයට ඇවිදින් රුපියල වැටෙන්නේ මොකද ඉන්ධන මිල නගින්නේ මොකද පොලී අනුපාතය වැඩි වෙන්නේ මොකද කියලා හොයා බැලුවා නම් ඒවාට විසඳුම් යෙදුවා නම් මේ රට මීට වඩා සුන්දර රටක් බවට පත්කරගත හැකිබව.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More