ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ඇමෙරිකානු සංචාරය නිම කර දිවයිනට පැමිණි වහාම බරපතළ මූල්‍ය අක්‍රමිකතාවලට සම්බන්ධ රජයේ ප්‍රබල ඇමැතිවරු කිහිපදෙනකු සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මූල්‍ය අක්‍රමිකතාවලට සම්බන්ධ පිරිස අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැතිවරයකු ද සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම දැනට චෝදනාවලට ලක්ව ඇති රජයේ ආයතන කිහිපයක් ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.
මේ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන හේමසිරි ප්‍රනාන්දු රාජ්‍ය ආරක්ෂක ලේකම් ධුරයට පත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...