දේශීය පුවත්

දැනට වසර හයක සිර දඬුවමකට ලක්ව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඉදිරියේදී….ජනාධිපති සමාව ලැබුණොත් උන්වහන්සේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු සැලසුමක් සකස් කරමින් සිටින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කිරීමට ආසන්න කාලයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉල්ලීමක් කිරීම මෙහිදී මූලික සැලැස්ම වේ. ඉන්පසුව ඥානසාර හිමි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම හෝ විකල්ප ජනාධිපති අපේක්ෂකයකු ගැන බොදුබල සේනා සංවිධානය මඟින් රට තුළ යම් මතවාදයක් ගොඩනැඟීම එහි දෙවැනි සැලැසුම බව එම දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය හිමිකර ගන්නා ජනාධිපති අපේක්ෂකයාට ලැබෙන සිංහල බෞද්ධ ඡන්දවලින් කොටසක් කැඩීම මෙහි අවසන් සැලසුම බවද වාර්තා වේ.
කෙසේ නමුත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනාගේ මෙම සැලසුම සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ දක්වා එකඟත්වයක් පළ කොට නොමැති බවද එම දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

– Mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More