පසුගියදා පවති කැබිනට් මණ්ඩලයට මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක පනතක් ඉදිරිපත් විය. එම පනත ඉදිරිපත් වන්නේ මේ වන තෙක් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක නෛතික කාර්යභාරයක් ඉෂ්ට කරන ලද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමිනි. ඒ වෙනුවට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. එහි කෙටුම්පත කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා පසුගියදා ඉදිරිපත් වී තිබුණි. එහි ඉංග්‍රීසි හැඳින්වීම counter terrorism law ලෙසය. දැන් තිබෙන පනත ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන්නේ prevention of terrorism act යනුවෙනි.
v2නව පනත හඳුන්වා දෙනු ලබන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් වීම විශේෂත්වයකි. මේ නව පනතේ නම අනුව එය ත්‍රස්ත විරෝධීභාවයක් පෙන්නුම් කරන මුත්, එය ක්‍රියාත්මක අදියරේදී සෑම අතින්ම ත්රස්තවාදයට උඩගෙඩි දෙන්නක් බව කිව හැකිය. ත්රස්තවාදීන් රැක ගැනීම සඳහාම නිර්මාණය කරන ලද මෙය, අතිශය රහසිගත ආකාරයෙන් ආණ්ඩුව විසින් කෙටුම්පත් කරන ලද්දේය. ඒ පිළිබඳව තොරතුරු එළියට ලබා ගැනීම අතිශය අසීරු විය. මේ පිළිබඳව උනන්දුව දක්වන කණ්ඩායම් සහ නොයෙක් පුද්ගලයන් තොරතුරු ලබා ගැනීමේ පනත යටතේ, නියෝගයක් ලබා ගනිමින්, මෙහි කෙටුම්පතක් ලබා ගැනීමට සමත් විය. ඉතා රහසිගත ආකාරයෙන් අගමැති කාර්යාලයේදී මෙය සකසමින් තිබුණි.
මිනීමැරුම බරපතළය – ත්‍රස්ත ක්‍රියා ඊට වඩා යහපත්ය.
යෝජිත පනතේ අන්තර්ගතය අතිශය භයානකය. මිනීමැරුමක් සඳහා දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිමි දඬුවම්, මරණයයි. 1976 වසරේ සිට එම දඬුවම ක්‍රියාත්මක වී නැති මුත්, නෛතික ලෙස ඒ සඳහා ලබා දෙන දඬුවම වන්නේ එයය. මරණීය දණ්ඩනය අධිකරණය මගින් ප්‍රකාශ කරන්නේ නමුදු, විධායක පරමාධිපත්‍ය බලය යොදා එය ක්‍රියාත්මක වීම වළක්වා තිබේ. එක් පුද්ගලයකු ඝාතනය කළහොත්, එය අධිකරණය හමුවේ ඔප්පු වුවහොත් දඬුවම මරණීය දණ්ඩනයයි. ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පනහක්, සියයක් වැනි පිරිසක් මළහොත්, දළදා වහන්සේ අභියස ප්‍රහාරය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ප්‍රහාරය, කැබිතිගොල්ලෑව ප්‍රහාරය වැනි සමූලඝාතන සඳහා ඊට වඩා දැඩි දඬුවම් ලැබිය යුතු වේ. මේ යෝජිත පනත යටතේ, ත්රස්තවාදීන් එවැනි සමූල ඝාතනයක යෙදුනහොත් මරණ දඬුවම ලබන්නේ නැත. දඬුවමක් ලබාදීමෙන් අර්ථය වන්නේ බිය ගැන්වීමක් තුළින් යළි එවැනි ක්‍රියා නොකිරීම සඳහා පුද්ගලයා සහ සමාජය පෙළඹවීමටය. ත්රස්තවාදයට මේ මගින් ලිහිල් දඬුවමක් ලබාදී, රජයක් බලාපොරොත්තු වන්නේ කුමක්ද…? මෙය ත්‍රස්තවාදය රැකීම සඳහා කරන ලද කාර්යය භාරයක්.
මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු යොදමින් තිබේ. එසේ වන අතරේ ත්රස්තවාදීන්ට මරණ දඬුවමක් ක්‍රියාත්මක නොකිරීමට රජය පියවර ගනිමින් සිටියි. මේ පනත් කෙටුම්පතට අනුව ත්‍රස්තවාදී අපරාධයක් පිළිබඳව පුද්ගලයෙක් සැක පිට අත්අඩංගුවට ගන්නා අවස්ථාවක, ඒ පුද්ගලයාගේ ඥාතියෙකු වෙත එය දැනුම දිය යුතු වේ. එසේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැය විසි හතරක් ඇතුළත දැනුම් දිය යුතු වේ. සාමාන්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගතහොත් එවැනි දැනුම්දීමක් කළයුතු වන්නේ නැහැ. ත්‍රස්තවාදියෙකු යැයි සැකපිට යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගතහොත්, එය විශේෂත්වයකට ලක් කර මානව හිමිකම් කොමිසමට ඒ පිළිබඳව දැනුම් දිය යුතු තරමට, ත්රස්තවාදියා සඳහා විශාල වාසි සහගත පරිසරයක් මේ පනතේ සඳහන් වේ. ඒ තරමට ත්රස්තවාදියා මේ රටට වැදගත් බව මේ පනත අනුව පෙනේ.
රැඳවුම් නියෝග කාලය මාස දහ අටේ සිට මාස හය දක්වා අඩුවේ.
පවතින නීතිය යටතේ දරුණු ත්‍රස්තවාදියකු අත්අඩංගුවට ගැනීම සඳහා රැඳවීමේ නියෝගයක් ලබා දීමට, ආරක්ෂක ලේකම්වරයාට බලය තිබේ. මාස තුනක කාලයක් එය ක්‍රියාත්මක වේ. ඉන් පසු තව මාස තුනකට ආදී වශයෙන් මාස දහ අටක් දක්වා, ත්රස්තවාදියා රඳවා තබා
ගැනීමට හැකියාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව තිබේ. නව පනත අනුව එය මාස හය දක්වා අඩුකර තිබේ. ත්රස්තවාදයට සම්බන්ධ අපරාධයක් ඔප්පු කිරීම යෝජිත නීතියේදී ඉතා අපහසු කර්තව්‍යයක් වනු ඇත. එම සැකකාර ත්රස්තවාදියා විසින් සිදුකරන පාපොච්චාරණයක් එම පුද්ගලයා ට එරෙහිව එම අධිකරණ නඩු විභාගයේදී පාවිච්චි කිරීමට නොහැකි වන ලෙස නව නීතිය සකසා තිබේ. පාපොච්චාරණයක් ස්වෙච්ඡාවෙන් සිදු කර තිබෙනවා නම්, බි්රතාන්ය පවා සිය නීතිය අනුව එය සාක්ෂියක් ලෙස ගන්නා මුත්, මේ නව පනත එය අහෝසි කර ත්රස්තවාදියා කෙරෙහි අනුකම්පා සහගත ආකාරයෙන් කටයුතු කර තිබේ. මේ සියල්ලටම වඩා පුදුමසහගත විධිවිධානයක් වන්නේ, ත්රස්තවාදියා පිළිබඳ සුබ සිද්ධිය, සඳහා වග බලා ගැනීමයි. ත්රස්තවාදියා වෙත කිසිදු හානියක් නොවීම සඳහා වග බලා ගැනීමට මහෙස්ත්‍රාත්වරයා වෙත මෙමගින් වගකීමක් ආරෝපණය කර තිබීම විශේෂත්වයකි. මෙහි අර්ථය කුමක්ද…? ත්රස්තවාදියා රැක බලාගැනීම සඳහා කළ හැකි හැම දෙයක්ම යෝජිත පනත විසින් අනුගමනය කර තිබෙන බව මෙයින් පෙනී යයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, භික්ෂුන් වහන්සේලා, හමුදා බුද්ධි අංශ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් වැනි චරිත දේශපාලන පළිගැනීම් සඳහා කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා අතරේ එවැනි කිසිදු රැකවරණයක් ඔවුන්ට ලැබෙන්නේ නැත.
ත්රස්තවාදියා වෙත නඩු පැවරීම වසර දහයකින් පසුව,
ත්‍රස්තවාදියකු වෙත නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත, යෝජිත පනතෙන් ලබාදී ඇති අභිමතය පුදුම සහගතය. එම අභිමතය අනුව වසර දහයක් දක්වා එම ත්රස්තවාදියා වෙත නඩු පැවරීම පමාකිරීම සඳහා නීතිපතිවරයා වෙත අභිමතයක් ලබාදී තිබේ. මෙවැනි නඩුවක් පවා සාමාන්‍යයෙන් වසර ගණනාවක් ගතවෙන කටයුත්තකි. එය කඩිනම් කරනු වෙනුවට, නඩු පැවරීම ආරම්භ කිරීම ද වසර දහයක් දක්වා කල් ගතකරයි නම්, එයින් ත්රස්තවාදියාට ලබන්නේ අනගි අවස්ථාවකි. මෙවන් ත්‍රස්තවාදී චෝදනාවක් අනුව යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අභියාචනයක් කළ හැකි නව පරිපාලන ව්‍යුහයක් මෙම පනතින් ඉදිරිපත් කර ඇත. මෙය අධිකරණයට අමතර ව්‍යුහයකි. එහි සභාපතිත්වය දරන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයායි. අනිත් පුද්ගලයන් දෙදෙනා පත් කරන්නේ, අමාත්‍යවරයා විසිනි. එයින් පෙනී යන්නේ, එය මුළුමනින්ම දේශපාලන ක්‍රියාදාමයක් බවයි. මෙම කමිටුවට ත්රස්තවාදියා නිදහස් කිරීම ඇතුළු නියෝග නිකුත් කිරීමේ හැකියාව ඇත. ත්රස්තවාදයේ ආරම්භක අවස්ථාවේදී , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ආවේ, එජාප ආණ්ඩුව විසිනි. එවැනි පනතක් අහෝසි කරමින් මේ සියල්ලක්ම සිදු කරන්නේ, මේ ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා සහයෝගය ලබා දුන් දෙස් විදෙස් බලවේග සතුටු කිරීමට බව පැහැදිලිය.
මේ, මානව හිමිකම් කවුන්සිලයට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමකි.
ආණ්ඩුව විසින් 2015 ඔක්තෝබර් පළවෙනිදා, 30/1 යෝජනාව යටතේ සියල්ල ඉටු කිරීම සඳහා බැඳී සිටියි.මෙය ආණ්ඩුවේ සම අනුග්‍රහය දැක්වූ යෝජනාවකි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, බලය බෙදීම, යුද හමුදාව උතුරෙන් ඉවත් කිරීම, ත්‍රිවිධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා ආණ්ඩුව බැඳී සිටියි. 2017 වසරේ 34/1 යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය මීට පෙර මානව හිමිකම් කවුන්සිලයට ලබා දුන් පොරොන්දුව සඳහා තව වසර දෙකක කාලයක් ඉල්ලා සිටියේය. මේ වසර දෙකේ කාල සීමාව 2019 මාර්තු මස අවසන් වේ. ඊට පෙර ලහි ලහියේ, මේ පොරොන්දු ඉටුකිරීම සඳහා ආණ්ඩුව සූදානම් වෙන බව පැහැදිලිය.
මහාචාර්ය ජී එල් පීරිස්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...