දේශීය පුවත්

පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත මහනුවර ටි්‍රනිටි විද්‍යාලයෙන් රුපියල් මිලියන 12ක චෙක්පතක් ලැබීම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර පත් කළ ත්‍රිපුද්ගල කමිටුව (28දා) සිකුරාදා මූලික විමර්ශන ආරම්භ කළේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත කැඳවූ පොලිස්පතිවරයාගෙන් එම කමිටුව පැය තුනකට ආසන්න වේලාවක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව එම අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් ‘මව්බිම’ට පැවැසීය.

පරිපාලන සේවයේ විශේෂ ශේ‍ර්ණියේ නිලධාරීන් වන රාජ්‍ය පරිපාලන කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (විමර්ශන) මාලා බස්නායක, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සමඟ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ආලෝක බණ්ඩාර යන මහත්ම මහත්මීහු ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර විසින් පත්කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවට අයත් වෙති.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු සිද්ධියට සම්බන්ධව සාක්‍ෂි කැඳවීම සිදු කෙරෙන බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ, විධිමත් පරීක්‍ෂණයක් කර තමා වෙත වාර්තාවක් සපයන ලෙස ඇමැති රංජිත්
මද්දුම බණ්ඩාර කමිටුවට උපදෙස් දී ඇත.

අතිරේක ලේකම් මාලා බස්නායක කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කරයි.

මව්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More