දින 18ක් පුරාවට ජිනීවාහී පැවැත්වුන 39වන මානව හිමිකම් සැසිවාරය ඊයේ අවසන් වුනා. මේ වනවිට ඒ සඳහා සහභාගී වීමට පැමිණි ලක් පුතුන් සහ දියණියන් තමුන් පැමිණි රටවල් බලා පිටත්වී අවසන්. මමද ජිනීවා ගුවන් තොටුපලේ පසුවෙන අතරෙ මුහුනු පොතේ සැරිසැරුව.
තිබුන පෝස්ට් අනුව සමුලුවට සහභාගී වූ සියලු දෙනාම මාතෲ භූමිය වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීම ගැන තෘප්තියකිනුත්, දේශප්‍රේමී සියලු දෙනා ඔවුන්ව අගයමින් කරන ප්‍රකාශත් දකින්නට ලැබුන. පැමිණ සිටි සියලු දේශප්‍රේමීන් කතා කලේ එක පොදු මාතෘකාවක් මුල් කරගෙන. අරුමය කියන්නේ ඇමරිකාවේ මහාමණ්ඩලයේ පැවැත්වුන සැසිවාරයේදී ජනාධිපති සිරිසේන මහතාද කතා කලේ එම මාතෘකාව මුල් කරගෙනයි. එනම් යහපාලන ආණ්ඩුව පැමිණි විගස 2015 වසරේදී කැබිනට් මණ්ඩලයේ හෝ ජනාධිපතිගේ අවසරයකින් තොරව මංගල සමරවීර නමැති ද්‍රෝහියා විසින් ස්තුති පූර්වකව, අද්‍යයනයකින් තොරව, සම අනුග්‍රහයෙන් පිළිගන්නා ලද දේශ ද්‍රෝහී පනත පිළිබඳවයි. එය කුප්‍රකට 30/1 යෝජනා හෝ OISL වාර්තාව ලෙස සඳහන් වන අතර එය සම්මත කර ගැනීමෙන් පසුව ජිනීවා හොස් පැමිණි ජනාධිපති තුමාද පවසා සිටියේ තමුන් රණවිරුවන්ව විදුලි පුටුවෙන් ගලවා ගත් බවයි.
නමුත් ඔබ අප දන්නා පරිදි මේ වනවිටත් අතුරුදහන් වූවන්ගේ කාර්‍යාල පනත සම්මත කර, අතුරුදහන් වූවන්ගේ කාර්‍යාලය ස්ථාපිත කර, බලෙන් අතුරුදහන් වූවන්ගේ රෝම ප්‍රඥප්තිය අත්සන්කර, අපරාද කරුවන් උදර්පනය කිරීමට අදාල පනත සම්මත කර, හමුදාව සහ බුද්ධි අංශ බෙලහීන කරමින්, යුද්ධයට සහභාගීවූ හමුදා භටයින්ට සාම සාධක හමුදා වලට අනුයුක්ත වීම අහිමි කරමින්, උසස් හමුදා නිලධාරීන් ප්‍රමානයකට විදේශ ගමන් වාරණය කරමින්; හුදු චෝදනා පමනක් නැගූ පමනින් නියම කරන ලද ඳඬුවම් ව්ඳිමින් පසුවන බවයි. තව ඉතිරිව ඇත්තේ ෆෙඩරල් දෙන ව්‍යවස්ථාව සම්මත කර ගැනීම පමනි.
මේවන විටත් කුප්‍රකට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒ පිළිබඳව කටයුතු සිදු වෙමින් පවතී. මෙසේ වූ 30/1 යෝජනාවක් පිළිබඳව අප හට ජිනීවා වලදී සටන් කල හැකිව තිබෙන්නේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අනුග්‍රහයෙන් 2017 මාර්තු මස මානව හිමිකම් සමුලුවට බාර දෙන ලද “විරුවන්ගේ විත්ති වාචකය” නම් වූ ඒ ඓතිහාසික ලියවිල්ල හේතුවෙනි. මෙමගින් OISL අප රටට විරුද්ධව නගා තිබූ චෝදනා හතම නිශ්ප්‍රභා කරන ලදී.
ජිනීවාවලින් සමු ගැනීමට ගුවන් තොටුපලට පැමින සිටින මා මේ අවස්ථාවේ මෙම ඓතිහාසික ලියවිල්ල සෑදුවාවූ ඒ විද්වත් මණ්ඩලය ගවුරව පූර්වකව මතක් කරමි. එනම් දොස්තර වසන්ත බණ්ඩාර, අධි නීතිඳ කල්‍යානන්ද තිරානගම, නීතිඥ රාජා ගුනරත්න, නීතිඥ දර්ශන් වීරසේකරයන්ද, ගවේශනාත්මක මාද්‍යවේදී ශර්මින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ සහ ජාතික මතවාදයන් පිළිබඳව ලිපි ලියන ශෙනාලි වඩුගේ සහ දොස්තර ගුණදාස අමරසේකරයානන් වේ. දර්ශන් වීරසේකරයන් මෙවර සැසිවාරයටද සහභාගී වූ බව සඳහන් කරනු කැමැත්තෙමු. එසේම පැවිදි අනුශාසකත්වයෙන් බෙන්ගමුවේ නාලක හිමියන්ද ලියවිල්ල ඉදිරිපත් කිරීමේදී ආචාර්‍ය රියර් අද්මිරල් සරත් වීරසේකරයානන් දක්වන ලද කැපවීමද ගව්රවයෙන් සිහිපත් කරමි.
එසේම මා මෙහි පැමිනි දින සිට පුරා සතියක කාලයක් මාහට නවාතැන්, ආහාර සහ ගමනා ගමන පහසුකම් සැපයූ ස්විස් හි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සභාපති එරික් මාකේවිට මහතාටද, මාගේ ගමන් බිමන් කලමනාකරණය කරනලද ගෝලීය සංසදයේ පෝලන්ත සභාපති සේනක රාජපක්ෂ මහතාටද, අප සමග උරෙන් උර ගැටී දින දෙකක් පුරා චිත්‍ර ප්‍රදර්ශණය පැවැත්වීමට දායකවූ සමිල මදුරංග සහ විරාජ් සුභාශ්‍රී සොයුරන්ටද ස්තුතිවන්තවෙමි.
Yasas Dharmadasa
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම ලේකම්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...