මෙරට වැඩ කරන ජනතාව සතු එකම විශාලතම ආයෝජනය වන සේවක අර්ථසාධක අරමුදලේ ඇති සේවකයන් සතු රුපියල් මිලියන 500ක පමණ මුදලක් සියලුම නීති අණපනත් උල්ලංඝනය කරමින් එමිරේට්ස් සමාගම සතුව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොටස් වසර 2010 දී මිලදීගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ අධිකාරි නාලිනී මල්කාන්ති බණ්ඩාර මහත්මිය ඊට අදාළ ලේඛන ඉදිරිපත් කරමින් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (28) සාක්කි දෙමින් පැවැසුවාය.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීනිඥ නීල් උණම්බුවේ මහතාගේ වීමසීම් හමුවේ සාක්කි දෙමින් සාක්කිකාරිය මේ බව පවසමින් තව දුරටත් ප්‍රකාශ කළේ අදාළ මුදල් යෙදවීමට ඉදිරිපත් වූ යෝජනා නිර්දේශ තක්සේරු කිසිවක් නොමැතිව මුදල් අනුමත කර තිබෙන බව ඊට අදාළ ලේඛන නොමැතිකමින් පැහැදිලි වන බවයි.
ලංකා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිවරයකු වන බී. ඒ. ලයනල් මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් කිහිපදෙනකුගේ අභිමතයට මෙය සිදු වී තිබෙන බව කොමිසම හමුවේ සාක්ෂිකාරිය ලබා දුන් සාක්ෂි මඟින් අනාවරණය විය.
සේවකයන් සතු වන සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ඇතැමුන්ට රිසි සේ මෙයාකාරයට ආයෝජනය කරද් දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ක්‍රියා කර තිබෙන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා බව කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ විමසීම හමුවේ සාක්ෂිකාරිය සාක්ෂි දෙමින් පැවැසුවාය.
සේවක අර්ථසාධක අරමුදල සතු අරමුදල් ආයෝජන කිරීමට අනුමැතිය දීමට ඇමැති මණ්ඩලයටවත් නොහැකි බවත් එය මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට පමණක් ගත හැකි තීරණයක් බවත්, සාක්ෂිකාරිය පැවැසුවේ කොමිසමේ සාමාජික විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතාගේ විමසීමක් හමුවේය.
අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උණම්බුවේ මහතාගේ විමසීම් හමුවේ තව දුරටත් සාක්ෂි දෙමින් බණ්ඩාර මහත්මිය මෙසේ ද පැවැසුවාය.
සේවක අර්ථසාධක අරමුදලේ මුදල් එමිරේට්ස් කොටස් මිල දී ගැනීමට යොදවන ලෙසට ඇමැති මණ්ඩලය හෝ භාණ්ඩාගාරය අනුමැතිය දී තිබුණේ නෑ. වසර 2010 මැයි 04 දා එවකට සිටි මුදල් ඇමැති හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එමිරේට්ස් කොටස් මිල දී ගැනීමට ඇමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. එහි සඳහන්ව තිබෙන්නේ සියයට 43.63 ක් පමණ වන කොටස් මිල දී ගැනීම ලංකා බැංකුවත්, රක්ෂණ සංස්ථාවත් සිදු කළ යුතු බවයි. සේවක අර්ථසාධක අරමුදලින් කොටස් මිල දී ගැනීමක් සිදුකරන ලෙස එහි සඳහන් කර නොමැත. 2010 ජූලි 06 දා ලංකා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි පී. ඒ. ලයනල් මහතා ලිඛිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදල් කළමනාකාර කමිටුවට දැනුම් දී තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් මිලියන 500ක මුදලක් කොටස් මිල දී ගැනීමට ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ ජංගම ගිණුමට බැර කරන ලෙසටයි. ඒ අනුව එම කටයුත්ත සිදු වී තිබෙනවා. ගිවිසුමක් හෝ නීත්‍යානුකූල ලිඛිත සාක්ෂි නොමැතිව මෙය සිදු වී තිබෙන බව ඊට අදාළ ලේඛන නොමැතිකමින් පෙනී යනවා. කොටස් මිලියන 1.8ක් පමණ සේවක අර්ථසාධක අරමුදලට ලබා දී තිබෙනවා යැයි ද සාක්ෂිකාරිය වැඩි දුරටත් සාක්ෂි දෙමින් පැවැසුවාය.
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එච්. ඩී. ඒ. හැරල්ඩ් මහත්වරුන් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණක ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්තා ගීගනගේ මෙනවියගෙන් හෙබි ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලන්කන් කේටරින්, මිහින්ලංකා ආයතන පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ සාක්ෂිකාරිය සාක්ෂි දුන්නාය. රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතා කොමිසමට සහාය දැක්වීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...