ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන රජය එරට සේප්පු තර කිරීම සඳහා මිල අධික මී එළදෙනුන් 8 දෙනෙකු විකුණා තිබේ.
එරට වාර්තාවල සඳහන් වන්නේ, එම සතුන් අග්‍රාමාත්‍ය නිල නිවසෙහි රඳවා සිටි අතර, හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අවශ්‍ය කිරි ලබා ගැනීම සඳහා ඔවුන් රඳවා ගෙන සිටි බවටය.
රජය මුහුණ පා සිටින ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස මහජන දේපොළ අවභාවිත කිරීම වැළැක්වීමේ අරමුණින් කෙරෙන වෙන්දේසි කිරීම්වලට සමගාමීව එම මී එළදෙනුන් විකුණා දැමීමට ඉම්රාන් ඛාන් තීරණය කර තිබේ.
ඉම්රාන් ඛාන් පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූයේ, දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ පදනම් කරගත් පරිසරයක් තුළය.
නව අග්‍රාමාත්‍යවරයා ඔහුගේ මහජන දේපොළ අවභාවිතය අවම කිරීමේ වැඩපිළිවෙළ අනුව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතැම් විට විවේචන ද එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට සිය නිවස දක්වා කිලෝ මීටර් 15ක දුරක් වෙනුවෙන් හෙලිකොප්ටර් යානයක් භාවිත කිරීම පිළිබඳව ඔහු පසුගිය අගෝස්තු මාසයේදී එරට වැසියන්ගේ සරදමට ලක් විය.
අමෙරිකානු ඩොලර් 19000කින් රාජ්‍ය ආදායම් ඉහළ දැමූ මෙම මීහරක් වෙන්දේසිය දින දහයක් තුළ එරට රජයේ වත්කම් අලෙවි කළ දෙවන අවස්ථාව ය. පළමු වෙන්දේසිය වූයේ, අමෙරිකානු ඩොලර් 600000ක ආදායමක් ලද වෙඩි නොවදින ජීප් රථ වෙන්දේසියයි.
මෙම වෙන්දේසියේදී මී එළදෙනුන් මිලදී ගැනීමට වැඩි උනන්දුවක් දක්වා ඇත්තේ, දූෂණ චෝදනා ලැබ පරාජයට පත්වූ නවාස් ෂරීෆ්ගේ ආධාරකරුවන්ය.
අමෙරිකානු ඩොලර් 2500ක් ගෙවා එක් මී එළදෙනෙකු මිල දී ගත් හසන් ලතිෆ් නමැත්තා බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ, තමන්ට මේ වන විටත් වාණිජමය සත්ත්ව ගොවිපොළක් පැවතිය ද මෙම මී එළදෙනුන්ට ඇති ප්‍රසිද්ධිය නිසා මිල දී ගත් බවය.
“මට ඉන්නව මී දෙනුන් 100 දෙනෙකුට වැඩිය. ඒත් මට ඕන වුණා මගේ නායකයා (නවාස් ෂරීෆ්) ළඟ සිටි එළදෙනෙක් ගන්න” ඔහු පැහැදිලි කළේ ය.”මම මේ සතා මිල දී ගත්තේ ඔහුට කරන ගෞරවයක් වශයෙන්. මට අවස්ථාවක් ලැබුණොත් මම මේ සතා නායකතුමාට තෑග්ගක් විදිහට දෙනවා”
මේ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සාමාජිකයෙකු බීබීසී පුවත් සේවයට පැවසුවේ, “මී එළදෙනුන් වෙන්දේසිය බලාපොරොත්තු වුණු මට්ටමට වඩා සාර්ථක වූ අතර ඒ පිළිබඳව සතුටු වන” බවය.
මේ අතර, වෙන්දේසියේ විකිණුණු මී එළදෙනුන්ට නියම කළ මිල ගණන් ඉතා අධික බවට සහ මිල දී ගත් පුද්ගලයින් සැබෑ සත්ත්ව ගොවිපොළවල් හිමිකරුවන් නොවන බවට ඇතැම් පුද්ගලයින් චෝදනා කර තිබේ.
සුඛෝපභෝගී වාහන අලෙවි කිරීම්වලට අමතරව පාකිස්තාන රජයේ ආදායම් ඉහළ දැමීමේ යෝජනා රැසක් තිබේ. රජයට අයත් ගොඩනැගිලි විශ්වවිද්‍යාල බවට පත් කිරීම සහ රජයේ කාර්යාලවල වායු සමීකරණ භාවිතය නතර කිරීම එම යෝජනා අතර විශේෂය.
බිබිසී
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...