විදේශ පුවත්

ගුවන් ධාවන පථය මත නිවැරදි ලෙස ගොඩ බස්වා ගැනීමට නොහැකිවීමෙන් මගී ගුවන් යානයක් මයික්‍රොනීසියාවේ චූක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (Chuuk International Airport) ආසන්නයේ පිහිටි කලපුවකට ගොඩ බස්වා ඇති බව ගුවන් තොටුපොළ නිලධාරීන් පවසයි.

පැපුවා නිව් ගිනියාවේ Air Niugini ගුවන් සමාගමට අයත් එම මගී ගුවන් යානය, වෙරළාසන්න නොගැඹුරු දිය මත ඇති ආකාරය දැක්වෙන ඡායාරූප මේ වන විට අන්තර්ජාලය ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතී.

කෙසේ වෙතත්, එම යානයේ සිටි මගීන් තිස්පස්දෙනාට සහ 12 ක් වූ කාර්යමණ්ඩලයට බරපතළ තුවාල සිදුවී නොමැත.

මෙම ගුවන් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත ය.

“ගුවන් ධාවන පථයට යාර 160 ක් පමණ දුරින් තිබෙන කලපුවකට ගුවන් යානය වැටී තියෙනවා,” චූක් ගුවන් තොටුපොළේ කළමනාකරු ජිමී එමිලියෝ (Jimmy Emilio) බීබීසී සේවයට ප්‍රකාශ කළේය.

“මේ මොහොත වෙනකොට අපි හරියටම දන්නෙ නෑ ඇත්තට ම මොකක් ද වුණේ කියලා. මේ ගැන විමර්ශනයක් හෙට ආරම්භ කරනවා. කොහොම වුණත් (දැනට), ගුවන් තොටුපොළේ කටයුතු සාමාන්‍ය විදිහට කෙරෙනවා.”

ගුවන් යානයේ සිටි සියලු දෙනා රෝහල් කරා රැගෙන ගිය අතර, ඔවුන්ට බරපතළ තුවාල සිදුව නොමැති බවට තමන් විශ්වාස කරන බව ජිමී එමිලියෝ පැවසුවේය.

මෙම ගුවන් යානය මයික්‍රොනීසියාවේ පොන්පෙයි (Pohnpei) සිට පැපුවා නිව් ගිනියාවේ අගනුවර වන පෝර්ට් මොරස්බි (Port Moresby) වෙත පියාසර කරන අතර තුර චූක් ගුවන් තොටුපොළට ද ගොඩ බැස්වීමට නියමිතව තිබී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More