දේශීය පුවත්

මේ ආණ්ඩුවට කිසිම දෙයක් සාර්ථකව කරගත නොහැකි වී ඇත්තේ රාජ්‍ය සේවකයන්ට කිසිඳු තීරණය ගෙන නිදහසේ ක්‍රියා කිරීමට තිබූ ඉඩකඩ ඉඩකඩ පොලිස් විමර්ශනය මගින් අහිමි කිරීම නිසයි. හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාබය රාජපක්ෂ මහකා ප්‍රකාශ කළ සිටියේ එළිය සංවිධානයේ අද දින කඩුවෙලදි පැවති සම්මන්ත්‍රණයේදී.

අද වෙනකොට මේ රජය බලයට පත්වෙලා වසර 04 කට ආසන්න කාලයක් ගතවෙලා තියෙනවා. නමුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත්වෙලා වසර 04 ක් යනකොට වසර ගණනාවක් ගතවෙලා තිබුණු ත්‍රස්තවාදී යුද්ධය සහමුලින්ම අවසන් කරලා සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ඉන්න පුළුවන් රටක් හදලා, සංවර්ධනය කරා රට ගෙනයාම ආරම්භ කළා.

මේ රජය බලයට පත්වුණේ කිසිම සැලැස්මක් නැතුව, මහින්ද රාජපක්ෂ මැතිතුමා ආර්ථිකය වර්ධනය කරන්නට යටිතළ පහසුකම් දියුණු කළා. වරායවල්, ගුවන්තොටුපොළවල් ඇතිකළා. මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කළා. නමුත් මේ රජය බලයට පැමිණිලා හම්බන්තොට වරාය චීනයට විකුණලා දැම්මා. මත්තල වී ගබඩා කළා. දේශපාලන වෛරයකින්, සමච්චලයට පත්කරන්න මෙවැනි අදූරදර්ශී ක්‍රියාවන් සිදුකළාම වර්තමානයේ සිදුව ඇති අන්දමේ ආර්ථික කඩාවැටීමක් සහතික වශයෙන්ම වෙන්න පුළුවන්.
රාජ්‍ය සේවකයින්ගේ පූර්ණ දායකත්වයක් නැතුව රටක් සංවර්ධනය කරන්න පුළුවන් කමක් නෑ. නමුත් වර්තමාන පාලකයින් මාරුවීම් ලබාදීලා, එෆ්.සී.අයි.ඩී. වැනි ආයතන වලට ගෙනිහිල්ලා ඔවුන්ට දඩුවම් කරන්න බලනවා.

රටක නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් රටකට හරි ආකාරයේ ඉදිරි ගමනක් නෑ. ඔබ දන්නවා අද මේ රටේ නීතිය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. නමුත් සමහර ඇමතිවරු තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම අයිතිවාසිකමක් වන ඡන්දය, අද වන විට ඡන්ද කීයක් කල්දමලා තිබෙනවා ද? අකාර්යක්ෂමතාවය, දූෂණය ඉහවහා ගිහිල්ලා තියෙනවා. රුපියල කඩාවැටීම පිළිබදව ඇමරිකාවේ ජනාධිපතිවරයාට චෝදනා කරනවා.

රටේ අගමැතිවරයා අවුරුදු 04 ක් තිස්සේ මහා පරිමාණ සැලසුම් ගැන කතා කරනවා. එකක්වත් අද වෙනකම් ක්‍රියාත්මක වෙලා නෑ. නමුත් එදා මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඕනෑම දෙයකට අදාළව නිර්භීත තීරණ ගන්න පුළුවන් නායකත්වයක් අපට තිබුණා. නිලධාරීන් හැටියට අපට කිසිම බයක් සැකක් නැතිව තීරණ ගන්නට පුළුවන් නිදහසක් ලබාදීලා තිබුණා. අද එහෙම හැකියාවක් තියෙනව ද ?

දේශපාලන විරුද්ධවාදීන්ට පහර දෙන්න අද විශේෂ අධිකරණ හදලා. වර්තමානයේ ආර්ථිකය කඩාවැටෙන්නට හේතුවුණු කාරණා වලට මුල්වුණ අය ඉන්නෙ මේ රජය තුළ. අපි එදා ආරම්භ කරපු මේ රටේ කවදාකවත් නොතිබුණු මහා පරිමාණයේ විවිධ ව්‍යාපෘති හරහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළට ලබාගත්තා. මේ රජය බොරු චෝදනා හදලා ඒවා කඩාකප්පල් කරලා දැම්මා.

වර්තමානයේ කොළඹ නගරයට ගියහම දකින සෑම විශාල ප්‍රමාණයේ ව්‍යාපෘතියක්ම ගෙන ආවේ අපේ රජයෙන්. දැන් ඒ සියලු ව්‍යාපෘති මන්දගාමී තත්ත්වයට පත්වෙලා සමහර ව්‍යාපෘති අතහැර දමන තත්ත්වයට පත්වෙලා. මේ සියල්ලටම හේතුව වර්තමාන රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් හා දූෂණය බව නැවත නැවත කියන්න අවශ්‍ය නෑ කියලා මම හිතනවා.
පසුගිය රජය විසින් සිදුකළ, ආර්ථිකය කඩා වැටෙන්න සැලැස්වුව ලොකුම දූෂණය විදියට හදුන්වලා අද, නඩු පවරලා තියෙන්නෙ ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හදපු එකට, එහිදී මට නැගුණු එක චෝදනාවක් තමයි අධ්‍යක්ෂක මණ්ඩලය සමග කුමන්ත්‍රණය කළා කියන එක. නමුත් එම අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටි සමහරෙක් මම කවදාවත් දැකලවත් නැති අය. එහෙම අයත් එක්ක කුමන්ත්‍රණය කරන්නෙ කොහොමද කියන එක මටත් ප්‍රශ්නයක්. ඒවාට පැහැදිලිවම කියන්න වෙන්නෙ දේශපාලන පළිගැනීම් කියලා.
කිසිම සැලැස්මක් නැතුව, බලයට එන්න විවිධ බොරු කියලා ජනතාව මුළාකරපු රජයක් නිසා තමයි අද රට මේ වගේ තත්ත්වයකට පත්වෙලා තියෙන්නෙ. එදා අපි රට පාලනය කළේ යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් ඇතුළත. 2005 මහින්ද චින්තනය, 2010 මහින්ද චින්තන ඉදිරි ගමන කියලා ප්‍රතිපත්ති මාලාවක් හදලා එය කාලීනව වෙනස් කරමින් ඉදිරියට ගෙනගියා.

වර්තමානයේ අපි, මේ රටේ ඉන්න සියලුම ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් එකතු කරලා සාකච්ඡා කරමින්, ප්‍රශ්න හදුනාගෙන ඉදිරියට එන රජයකට නිවැරදි ප්‍රතිපත්ති මාලාවක් සකස් කරන්නට කටයුතු සූදානම් කරගෙන යනවා යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

– එළිය මාධ්‍ය ඒකකය

ගෝඨාභයගෙන් ආණ්ඩුවට කනේ පහරක්.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වූ ඡන්දය කල් දමමින් මේ ආණ්ඩුවේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක්දයක් ගැන කතා කරනවා. ගෝඨාභයගෙන් ආණ්ඩුවට කනේ පහරක්.කඩුවෙල එළිය සම්මන්ත්‍රණයහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Gepostet von Lanka Lead News am Sonntag, 30. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More