යාපනයේ විවිධ කල්ලි විසින් සිදුකරණු ලබනප්‍රචන්ඩ ක්‍රියා මර්දනය කිරීම පිණිස යුද හමුදාව යෙදවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය එකග නොවන බවත් ඔවුන් ඊට විරුද්ධ බවත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් පවසයි.
ඊයේ (30) වනදා යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පලකළ මන්ත්‍රිවරයා කියා සිටියේ එවැනි කල්ලි මර්දනය කිරීම පොලීසිය සතු රාජකාරියක් බවය.
පළාතට පොලිස් බලතල තිබුණේ නම් එවැනි ප්‍රහාරකයින්ගේ හා මංකොල්ලකරුවන්ගේ ක්‍රියාවන් මර්දනය කිරීමටත් පාලනය කිරීමටත් හැකියාව තිබුණු බවද සුමන්තිරන් මන්ත්‍රිවරයා මෙහීදී කියා සිටියේය.
මධ්‍යම රජයේ පොලිස් නිලධාරීන් යාපනය ඇතුළු උතුරු පළාතේ විශාල පිරිසක් සිටින නමුත් ඔවුන්ට දෙමළ භාෂාව නොදන්නා කම පළාතේ අපරාධ හා ප්‍රචන්ඩ ක්‍රියා මර්දනය කිරීමට නොහැකි වීම කෙරෙහි බෙහෙවින් බලපා ඇති බවද මන්ත්‍රිවරයා පැවසීය.
යෝජිත නව ව්‍යවස්ථාවේ මේ සම්බන්ධයෙන් ඉතා දීර්ඝව හා විස්තරාත්මකව කරුණු සදහන් කොට ඇති නිසා එම ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවහොත් පළාතේ පොලිස් නිලධාරීන්ට පළාතේ ඇති ප්‍රශ්න හා ගැටළු ඉතා පහසුවෙන්ම විසදීමට හැකිවන බවද ඔහු පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...