ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතා ඔස්ට්‍රේලියාවේ සංචාරයක් අතරතුරදී අභාවප්‍රාප්ත වී තිබේ.
එරට පර්ත් නගරයේ පසුගිය සෙනසුරාදා පැවති ප්‍රසංගයක් සඳහා ඔහු සහභාගී වී ඇති අතර, අද(01) පස්වරුවේ ඒ මහතා යළි දිවයිනට පැමිණීමට සූදානමින් සිට තිබුණි.
කෙසේ වෙතත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රොනී ලීච් මහතා ඔහු නවාතැන් ගෙන සිටි නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ප්‍රවීන ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා සඳහන් කළේය.
දින කිහිපයක් තුළ ඒ මහතාගේ දේහය දිවයිනට රැගෙන එන බවත්, දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බවත් ප්‍රවීන ගායන ශිල්පි කීර්ති පැස්කුවෙල් මහතා වැඩිදුරටත් පැවසීය.
අභාවප්‍රාප්ත වන විට රොනී ලීච් මහතා 65 වැනි වියෙහි පසුවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...