දේශීය පුවත්

යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවන් ජිවිතක්ෂයට පත්වු සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය සැමරීම වෙනුවෙන් කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පවතින මහවිරු සොහොන මේ දිනයන්හි පිරිසිදු කිරීම් සිදු වෙයි.

නොවැම්බර් මස 26 දාට යෙදී තිබෙන ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමත් 27 දාට යෙදී තිබෙන මහවිරු දිනය සැමරීමත් මේ මහවිරු සමරු සතියේ මූලික ඉලක්කය වෙයි.

නොවැම්බර් මස 22 දා සිට මහවිරු සතිය ප්‍රකාශයට පත් කෙරෙන අතර ඒ කාලයේදී එල්.ටී,ටී.ඊ.සාමාජිකයින් මියගොස් මිහිදන් කරණ ලද සුසාන භූමී තෝරා ගෙන ඒවායෙහි මහවිරුවන් සැමරීම සිදුකරණු ලබයි.

කවරෙකු හෝ මහවිරු සතිය සමරා එල්.ටී.ටී.ඊ.නායකයින්ගේ ඡායාරූප හෝ පිළිරුව ඉදිරියේ පහන් දල්වනු ලැබුවහොත් ඔවුන්ව අත් අඩංගුවට ගන්නා බව රජය හා ආරක්ෂක අංශ ප්‍රකාශ කළත් උතුරේ විවිධ සංවිධාන විසින් මහවිරු සතිය සමරණු ලබන කාලයේදී ආරක්ෂක අංශ සාමාජිකයින්ව කදවුරු වලට සීමා කිරීමට බලධාරීන් කටයුතු කරණු ලබයි.

කිළිනොච්චියේ පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභාව විසින් ඔවුන්ගේ බල ප්‍රදේශය තුළ පිහිටි එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ව මිහිදන් කරණ ලද සුසාන භූමි සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කළ අතර එම අවස්ථාවන්ට පළාතේ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුද සහභාගී වී සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More