දේශීය පුවත්

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලෙන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ පෙනී සිටියි.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළව කරුණු පැහැදිළි කර ගැනීමක් අවශ්‍ය බව කොමිසම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කළ දැනුම් දීමක් අනුව අග්‍රාමාත්‍යවරයා මෙසේ කොමිසම හමුවට යාමට නියමිතය.

ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ පෙනී‍ සිටින ලෙස දැනුම් දුන් වහාම කොමිසම හමුවේ පෙනී සිටීමට තමා සුදානම් යැයි අගමැති වික්‍රමසිංහ මහතා දන්වා තිබේ.

භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව සොයා බලන වි‍ශේෂ ජනාධිපති කොමිසමේ සාක්කි විභාග කරන අතරතුර සිය නම සඳහන්වීම කෙරෙහි අවධානය යොමු කර තමා කොමිසම හමුවේ පෙනී සිටිමට සුදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර දැනුම් දී තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More