2018 වසරේ මුල් මාස 09 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 7.96% කින් පහළ ගොස් තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6,369.26 ක් ලෙසින් සටහන් වූ මෙම අගය පසුගිය සැප්තැම්බර් 28 දින ගනුදෙනු අවසානයේ දී සටහන් වූයේ ඒකක 5,862.18 ක් වශයෙනි.
මේ අතර වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඇතුළු නිර්නායක කිහිපයක් මත පදනම්ව කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ඉහළ පෙළේ සමාගම් 20 ක් ඇසුරින් සකස් කරනු ලබන S&P SL20 දර්ශකය මෙම කාලපරිච්ඡේදය තුළ දී 18.24% කින් පහළ වැටී තිබේ. වසර ආරම්භයේ දී එහි අගය ඒකක 3,671.72 ක් ලෙසින් සටහන් වූ අතර වසරේ මුල් මාස 09 අවසානයේ දී S&P SL20 දර්ශකය සටහන් වී ඇත්තේ ඒකක 3,002.00 ක් ලෙසිනි.
මෙම වකවානුව තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් මිලියන 790 ක් ලෙස දැක්වේ.
මේ අතර වසරේ මේ දක්වා රුපියල් බිලියන 5.7 ක ශුද්ධ විදේශීය ආයෝජන ඉවත් කර ගැනීමක් කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වේ.
2016 මාර්තු 09 න් පසු වාර්තා වූ අඩුම මට්ටමට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මේ වන විට පැමිණ තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...