දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි දිනවල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ කර ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට හත් දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම පිරිස් අතර බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් යන මහත්වරුද වෙති.

රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයක දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් හෙලිදරව් වී ඇති තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතාට අමතරව එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පැවසුවේ මෙම සියලු ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාලක කුමාර මහතාගේ හඬ පරීක්ෂණ වාර්තාව සති දෙකක කාලයක් තුළ ලබා දීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More