වසර 6ක සිරදඬුවම් ලැබ දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටීම සඳහා එම සංවිධානයේ නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් වැලිකඩ බන්ධනාගාර මුලස්ථානය වෙත අද (01) උදෑසන පැමිණියා.
මේ සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද පැමිණ සිටියා.
ඥානසාර හිමිට ශල්‍යකර්මයක් සිදුකර ඇති බැවින් වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අහාර පිටතින් ලබා දීමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස මෙහිදී ඉල්ලා සිටිබවයි අදහස් දක්වමින් මගල්කන්දේ සුදත්ත හිමි සඳහන් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...