දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂ නායකත්වය බාරගන්නැයි ලබන මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී ඉල්ලීමක් කරන බව එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (1) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයාට පක්‍ෂ නායකත්වය බාරගැනීමට දැන් කාලය උදාවී තිබෙන බව සඳහන් කළ මහාචාර්යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටිමින් වෙනත් පක්‍ෂය සාමාජිකත්වය බාරගැනීමෙන් හිටපු ජනාධිපතිවරයාගේ මන්ත‍්‍රීධූරය අහිමිවීමේ අවදානමක් නැතැයිද කීය.

යම් හෙයකින් එවැනි අවධානමක් මතුවුවහොත් ඒ සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවද පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාව සකස්කිරීම අවසන් අදියරේ පවතින බවත් ඊට අමතරව තරුණ පෙරමුණු ව්‍යවස්ථාව, කාන්තා පෙරමුණු ව්‍යවස්ථාව ද සකස් කරමින් සිටින බවද සඳහන් කළේය.

පක්‍ෂය පිහිටුවා මාස 16ක් ඇතුළතදී පළාත් පාලන මැතිවරණය ජයගත්බවත් එහි ගෞරවය සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්‍ෂ මහතාට හිමිවිය යුතු බවද පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More