දේශීය පුවත්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ කළ යුතුව ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේ ඊයේ (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

‘‘ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සිදුකළ කතාවත් සමග ජනාධිපතිවරයා අපි බලාපොරොත්තුවන ස්ථාවරයට ලඟා වන බව පෙනී යනවා. අවසන් මායිම පසු කිරීමට පෙර අපි එතුමා සමග සාකච්ජා ආරම්භ කළ යුතුයි. අපට අවශ්‍ය මේ ආණ්ඩුව පෙරළා දමන්නයි. ඒ සදහා හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා එක්විය යුතුයි. කවුරුන්හෝ එයට එරෙහිව වනවා නම් ඔවුන් සිදුකරන්නේ මහා ද්‍රෝහිකමක්“ යැයි මෙහිදී මන්ත්‍රිවරයා සදහන් කර සිටියේය.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කළ ප‍්‍රකාශය මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉලක්ක කර සිදු කළ එකක් බවද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More