වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක ඊයේ (01) ජනතාවට පණිවුඩයක් තබමින් අත්පත්‍රිකා දමා ගොස් තිබේ.
ආවා කල්ලිය නමින් සඳහන් කරමින් මෙම අත්පත්‍රිකා තැන තැන දමා ගොස් ඇති බව වව්නියාව ආරක්ෂක අංශ පවසයි.
වව්නියාව ආරක්ෂක අංශ වැඩි දුරටත් සදහන්කර ඇත්තේ වව්නියාව කුරුමන්කාඩුව, වෛරවපුලියන්කුලම, දුම්රියපොළ පාර, නුවර පාර ආදී ස්ථානවල අදාළ අත්පත්‍රිකා දමා ගොස් තිබූ බවය.
මුහුණ වසා ගනිමින් පිහියක් අතින් ගත් පුද්ගලයෙකුගේ රුව ඇතිව ‘ආවා’ නමින් සඳහන් ඡායාරූපයකින් යුතුව අදාළ අත්පත්‍රිකාව සකස් කොට තිබූ බවද ආරක්ෂක අංශ සදහන් කරයි.
“අපි ජනතාවගේ ගැටළු වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවා. අපි ජනතාවගේ විරෝධීන් නොවෙමු. ඕනෑම අවස්ථාවක වව්නියාව නගරයේ ස්ථාන කිහිපයකම අපේ පිරිස් සිටිනවා.” යනුවෙන් අදාළ අත්පත්‍රිකාවේ සඳහන්ව ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.
අදාළ අත්පත්‍රිකා බෙදා හැර තිබු කණ්ඩායම් සොයා පරීක්ෂණ මෙහෙයවන බවද වව්නියාව පොලිසිය සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...