දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ තිබෙන ප්‍රචණ්ඩත්වය තමා වෙනත් කිසිම රටක දැක නොමැති බවත් විශ්වවිද්‍යාලය තුළ පවතින දේශපාලන හස්තයක් දරුවන් විනාශ කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ගාල්ල බලපිටිය රේවත ජාතික පාසලේ 2018 වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවට එක්වෙමින් ඊයේ (01දා) ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

“විශ්වවිද්‍යාල තුළ අද තිබෙන ප‍්‍රචණ්ඩත්වය, සහ හිංසනය, ලිංගික හිරිහැර, ලෝකයේ කිසිම රටක මම අහලා නැහැ. අපි රාජ්‍ය නායකයින් ඇසුරු කරනවා. රාජ්‍ය තාන්ත‍්‍රිකයින් ඇසුරු කරනවා, පොත පත කියවනවා, මාධ්‍ය තුළ අහනවා, දකිනවා. නමුත් මහා ඛේදවාචකයක් අපේ විශ්වවිද්‍යාල තුළ තිබෙනවා. දේශපාලන හස්තයන් තිබෙනවා.

ඒ දේශපාලන හස්තයන් අද ළමයින් විනාශ කරනවා. උසස් අධ්‍යාපන ඇමතිතුමා කතාකරන හැමවෙලේම ඒ වාර්තා ඉදිරිපත් කරනවා. විශ්වවිද්‍යාල දරුවන්ගෙන් කෙතරම් ප‍්‍රමාණයක් සිදුවන හිරිහැර නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නතර කරනවාද? නවක වධය අද ප‍්‍රචණ්ඩත්වයට පත්වෙලා තිබෙනවා. උගත් තරුණ පරපුරේ ප‍්‍රවේශය වන විශ්වවිද්‍යාලය අද අපිට ඛේදවාචකයක් වෙලා තිබෙනවා.

මේ පිළිබ`දව දෙමාපියන් දැනුවත් වෙන්න ඕන, ගුරු භවතුන් දැනුවත් වෙන්න ඕන. අනෙක් සෑම රාජ්‍ය නිලධාරියෙක්ම දැනුවත් වෙන්න ඕන. ඒ සෑම කෙනෙක්ම ඒ පිළිබ`දව වැඩි අවබෝධයකින් කටයුතු කරන්න ඕන.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More