දේශීය පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමත් චීනය සමග කරන වෙළෙඳ ගනුදෙනුවලදී අධික බදු ක්‍රියාත්මක කිරීමත් හේතුවෙන් ඇති වන අර්බුදයට කල්තියා මුහුණ දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත ඊයේ (01) උපදෙස් දී තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය, උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා මහ බැංකුව මූලිකත්වයෙන් ඉදිරියේදී මෙම ක්‍රමෝපාය සැලසුම් සකස් කිරීමට නියමිතය.

ඇමෙරිකාව ඉරානයට එරෙහිව පැනවූ සම්බාධක නොවැම්බරයේ සිට ක්‍රියාත්මක වීම ඇරඹීමත් සමග ශ්‍රී ලංකා තේ ඉරානය වෙත යැවීමට නොහැකි වනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඊට අමතරව චීනයට එරෙහිව ඇමෙරිකාව විසින් පනවා තිබෙන තීරු බදු හේතුවෙන් ඉදිරියේදී චීන රජය ණය ආධාර හෝ ප්‍රදානයන් සඳහා නොයනු ඇතැයි ද ආර්ථික විශේෂඥයෝ රජයට පෙන්වා දී ඇත. ගෝලීය ආර්ථිකයට බලපාන ඉහත ප්‍රමුඛතා හමුවේ ඇති වන ආර්ථික අර්බුදයේදී රුපිය‍ලේ අගය ආරක්ෂා කර ගනිමින් ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරි සතිය තුළ සකස් කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

රජයේ ආර්ථිකයට සම්බන්ධ අංශ සකස් කරන මෙම ක්‍රමෝපාය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නෝර්වේ සංචාරයෙන් පසු ක්‍රියාවට නංවනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More