දේශීය පුවත්

ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම වෙලාවක ප්‍රකාශයක් දීමට තමා සූදානම් යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රජයේ පුවත්පතකට ඊයේ පවසා ඇත.

පොලිස්පති වශයෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් දීම තමාගේ යුතුකම බව කී පොලිස්පතිවරයා රහස් පොලිසිය ඉදිරියේ දී තමාගෙන් ද ප්‍රකාශයක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට තමා සතුව තොරතුරු රැසක් තිබෙන බව ද පොලිස්පතිවරයා පවසා ඇත.

මේ සිද්ධිය පිළිබඳ විමර්ශන රහස් පොලිසිය ඉතා සාර්ථකව කරගෙන යන හෙයින් සිද්ධියේ සුලමුල වැඩිකල් නොගොස් අනාවරණය වනු ඇතැයි ද පූජිත් ජයසුන්දර මහතා පවසා ඇති අතර පොලිස්පතිවරයා මෙසේ පවසා ඇත්තේ ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට සූදානම් වන බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More